IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාසල් සිසුන්ට නීතිය උගන්වන්න යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා ප්‍රකාශ කළේය. 
ඒ සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මව්ලනා මහත්වරුන්ගේ   ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී මෙම අනු කාරක සභාව පත් කෙරිණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රීතරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, මේජර් සුදර්ශන දෙනිපිටිය මහත්ම මහත්මීහු මෙහි සාමාජිකත්වය දරති. 
මෙහිදී අදහස් දක්වමින්  අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කීවෙි නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් ඒ ගැන මූලික අවබෝධයක්  දරුවන්ට ලබා දීම ඉතාමත් වැදගත් බවයි.



අදහස් (13)

පාසල් සිසුන්ට නීතිය උගන්වන්න යයි

NM Tuesday, 16 March 2021 01:42 PM

නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට රනිල් වික්‍රමසිංහ විසින් ගත් තීරණයකි. අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සොයාබැලීම වැදගත් වේ.

:       10       12

මුණසිංහWednesday, 17 March 2021 02:21 AM

කවුරු කළත් තාම වැඩේ වෙලා නැහැ. සමහර අය රටට ලොකෙට පෙන්නන්න විවිධ දේ පෙන්නනනවා විතරයි. ප්‍රායෝගිකව බිංදුවයි. මේවා නියම ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. ඉතා වටිනා වැඩක්...

:       0       3

ruwanWednesday, 17 March 2021 04:15 AM

රනිල් වික්‍රමසිංහ වගේ කියව කියවා කටින් බතල හිටවන්න කාටනම් බැරිද? ක්‍රියාත්මක කිරීම තමයි වැදගත්...

:       1       3

saman Tuesday, 16 March 2021 03:52 PM

මෙය පසුගිය රජය මගින් ගත් හොඳ තීරණයක්... මෙය විනයක් ඇති සමාජයක් බිහි කිරීමට හොඳ අඩිතාලමක්...

:       0       2

Nihal Tuesday, 16 March 2021 06:24 PM

ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ රැළට උගන්වලා ඉන්න...

:       0       1

CJ Tuesday, 16 March 2021 08:45 PM

ගොඩක් හොඳ ප්‍රවේශයක්. ළමයින්ට නීතිය සහ මුදල් භාවිතය ගැන කියාදෙන්න අවශ්‍යයි.

:       0       0

sharm warn Wednesday, 17 March 2021 03:20 AM

මේ ගොල්ලෝ මේ ලොකුවට කරන්නේ අනික් පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබිච්ච ඒවා. නිකන් ඉන්නකොට ඒවත් කියවලා බලන්නකෝ.. මේ ගොල්ලෝ නීතියයි, නීතිය නමන හැටියි දෙකම උගන්වන්නද දන්නේ නැහැ මේ යන්නේ.. ?

:       1       1

BamunuarachchiWednesday, 17 March 2021 11:04 AM

ගොන්කතා අහලා තිබෙනවා.. මේකත් සුපිරි ගොන් කතාවක් වගේ...!!!

:       0       1

jayasekara Wednesday, 17 March 2021 05:00 AM

කාලෝචිත යෝජනාවක්... නමුත් අපේ මිනිස්සු ඕවාගෙන් ගන්නේ හොඳ පැත්ත නොවේ. අම්මලාට, තාත්තලාට, ළමයින්ට, ගුරුවරුන්ට නීතිය ඉගෙන ගන්න වෙයි. දඬුවමක්වත් දෙන්න බැරි වෙයි. උසාවි, පොලිසි යයි විරුද්ධව.. ඕකයි වෙන්නේ.

:       1       2

fairoos Wednesday, 17 March 2021 07:20 AM

ශරියා නීතියද දන්නේ නැහැ.. මාර වැඩක් වෙන්න යන්නේ.

:       1       0

BamunuarachchiWednesday, 17 March 2021 11:08 AM

ෂර්යා නීතියේ හිස ගසා දැමීම, ගල් ගසා ස්වර්ගයට යැවීම, හොරුන්ගේ අත් කපා දැමීම වැනි දඬුවම් මුස්ලිම් ඔබලා වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක කිරීමට ඉල්ලනවා. කැමතියි නේද?

:       0       1

විපරමා Wednesday, 17 March 2021 08:37 AM

සමහරවිට කැකිල්ලේ නීතිය වෙන්න ඇති. දේශපාලකයෝ දන්නෙත් ඒකනේ...

:       0       0

Bamunuarachchi Wednesday, 17 March 2021 11:02 AM

උගන්වලා මදි, පිළිපදින්නත් කියලා දෙන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site