IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘පාසල් විවෘත කිරීමට නම් රජය විශ්වාසී ප්‍රකාශයක් කළ යුතුයි’

(විනීතා එම්. ගමගේ)
 
එළඹෙන සඳුදා දිනයේ පාසල් ආරම්භ කිරීමට නම් ආරක්ෂාව පිළිබඳව විශ්වාසී ප්‍රකාශයක් රජය කළ යුතු යැයි විදුහල්පතිවරු පවසති.
 
රජයේ පාසල් සඳුදා විවෘත කරන බව රජය පවසතත් විවිධ පාර්ශ්ව විවිධ ප්‍රකාශ කරන බවත් මේවනතුරු ස්ථිරව ආරක්ෂාව පිළිබඳව ප්‍රකාශයක් රජයෙන් නිකුත් වී නැති බවත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකතුවේ කැඳවුම්කරු ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවසීය.
 
ආරක්ෂාව සඳහා පාසලකට එක් පොලිස් නිලධාරියෙකු බැගින් ලබාදෙන බව අධ්‍යාපන ඇමති පවසතත්, පොලිස් ස්ථානාධිපතිවරුන් පවසන්නේ එක් නිලධාරියෙකු හෝ ලබාදිය නොහැකි බව යැයිද ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
 
ආරක්ෂාව තහවුරු වන තුරු කතෝලික පාසල් විවෘත නොකරන බව කාදිනල්තුමන් පවසතත් රජය ආරක්ෂාව ගැන කතා නොකර, පාසල් විවෘත කිරීම ගැන කතාකිරීම පිළිගත නොහැකි බවත් ඔහු පැවසීය.

 

 

 

 

 

 



අදහස් (13)

‘පාසල් විවෘත කිරීමට නම් රජය විශ්වාසී ප්‍රකාශයක් කළ යුතුයි’

STALIN Friday, 03 May 2019 09:01 AM

අනේ පලයන් යන්න.. අපිට හැමදාම ළමයා ගෙදර තියන් ඉන්න කියලද කියන්නේ...

:       1214       296

ජයන්තFriday, 03 May 2019 09:50 AM

ඔබේ කමෙන්ටුව කියවන කිසිවෙක්... ඔබට ළමයින් ඇති බව නොසිතනු ඇති..

:       86       123

anuraFriday, 03 May 2019 11:03 AM

සංඝයා වහන්සේ නමකට "සුනඛයා" ලෙස ආමන්ත්‍රණය කරපු එක්කෙනාගේ නෑදෑයක් වෙන්න ඇති.

:       0       13

Srilankan Future Friday, 03 May 2019 09:11 AM

පාසල් විවෘත කළ විට නගරවල සහ බස් නැවත දහස් ගණනින් දරුවන්ගෙන් පිරීයනවා. එවිට ඔවුන්ට ආරක්ෂාව සපයන්නේ කවුරුන්ද? ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව තිබෙන තහවුරුව කුමක්ද? මේ අවස්ථාවේදී මීට වඩා විචක්ෂණශීලි විය යුතුයි. ඉගෙනීම ප්‍රමාද වූවාට කම් නැත එහෙත් ජීවිත...

:       27       230

saliya Friday, 03 May 2019 09:37 AM

ඇමැතිතුමා පෙන්වන රක්ෂණ ආවරණය දිහා බලලද ළමයි යවන්නේ? දරු පරපුර ගැන රජය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි..

:       22       65

ඈපා Friday, 03 May 2019 09:44 AM

සහතික ඇත්ත.. මොවුන් බහුබූත කතා කළාට දරුවන්ට ආදරේ දෙමාපියන් ආරක්ෂාව තහවුරු කරන තුරු තමන්ගෙ ළමයි පාසල්වලට එවන්නේ නෑ..

:       91       177

Mahee Friday, 03 May 2019 10:20 AM

එ්ක නම් මේ ආත්මේදී සිද්දවෙන දෙයක් නෙමෙයි. මේ ගොල්ලන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නවට වඩා දෙයක් කරන්න දන්නේ නැහැ...

:       0       149

Dasuni Friday, 03 May 2019 10:40 AM

සිදුවුණු දේවල් එක්ක විශ්වාස කරන්න බැරිම රජය කියන දේවල්. අපේ දරුවන් තවත් බිල්ලට නොදිය යුතුයි.

:       0       150

sana Friday, 03 May 2019 10:42 AM

ස්ටාලින් මහත්තයා මේ කතා කරන්නේ ඇත්තටම ළමයි ගැන හිතලද? නැත්නම් තමන්ගේ කට්ටියට ලැබෙන නිවාඩුව ගැන හිතලද? මීට කලිනුත් විවිධ හේතු මත පළාත් සභා පාසැල් නිවාඩු ප්‍රකාශයට පත් කළාම ඒකට හිලව් දවස් වැඩ කරන්න කිව්වම තමයි මෙයා කෑ ගහන්න ගත්තේ. නිවාඩු ප්‍රකාශයට කමක් නෑ. මේකටත් හිලව් වැඩ කරන්න කිව්වා නම් බලන්න තිබ්බා වහාම පාසැල් විවෘත කරව් කියලා මෙයාගේ සද්දේ...

:       197       42

AsianFriday, 03 May 2019 11:09 AM

ඇත්ත කියන්න ඔයා බැඳලා නේද?

:       0       0

gunarathna Friday, 03 May 2019 12:09 PM

ගුරුවරුන්ට නිවාඩු ගන්ට මේවගේ වෙලාවක් ඕනෙ නැහැ. අවුරුද්දට තුන්මාසයක් නිවාඩු සියලුම රජයේ නිවාඩු, වෙළඳ නිවාඩු, පෝය නිවාඩු දවසෙන් භාගයක් වැඩ කරන්නේ... හිතුනොත් ලෙඩ නිවාඩු දානවා. එක පොලිස් කොස්තාපල් කෙනෙක්ට පුළුවන්ද ළමුන් දහස් ගණනකගේ ආරක්ෂාව බලන්න. කොටි රටෙන් භාගයක් ගන්ට යුද්ධ කෙරුවේ. මොවුන් කරන්නේ යුද්ධයක් නෙමෙයි,.. නිකම් මරාගෙන මැරෙන එක. ඒකනිසා මොවුන් විශ්වාස කරන්න බැරි ජාතියක්.

:       0       25

ulama Friday, 03 May 2019 12:19 PM

මේක අත්හදා බැලීමක්... ආරක්ෂාව තියනවද නැද්ද කියලා...

:       0       29

manju Friday, 03 May 2019 12:29 PM

තව සතියක් නිවාඩු දෙන්න

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site