IMG-LOGO

පාසල් බෑග් - පොත්පත් විකිණීමේ ව්‍යාපාර ගැන පැමිණිලි

(බිඟුන් මේනක ගමගේ)

පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය ඔවුන් ඉගෙන ගන්නා පාසල් වලින්ම මිලදී ගැනීමට බල කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට සහ ගුරු සංගම් වලට පැමිණිලි ලැබී තිබේ .

නව පාසල් වාරය සඳහා දරුවන්ට අවශ්‍ය පාසල් බෑග් සහ පොත් පත් ඇතුළු ලිපි ද්‍රව්‍ය ආදිය දෙසැම්බර් මාසයේදී මිලදී ගැනීමෙන් පසු පාසල් රැසක ප්‍රධානීන්  මෙසේ එම කළමනා සිය පාසල් වලින්ම මිලදී ගන්නැයි දැනුම්දීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව කියමින් මෙම පැමිණිලි කරනු ලැබ ඇත්තේ මවුපියන් විසිනි.

අධ්‍යාපන විෂය කටයුතු පසෙක ලා මෙසේ ව්‍යාපාර කටයුතුවලට අතගැසීමෙන් අදාල පාසල් ප්‍රධානීන් බලවත් වරදක් කර ඇතැයි ද මෙම සිදුවීම් ගැන වහාම විමර්ශනයක් කරන්නැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.

අසාධාරණ ලෙස පාසල් සිසුන් ගෙන් මෙසේ මුදල් අයකර ගෙන පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය ආදිය අලෙවිකරණ සිදුවීම් වේ නම් ලංකා ගුරු සංගමය ට වහා ම දැනුම් දෙන්නැයි මවුපියන් ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 



අදහස් (6)

පාසල් බෑග් - පොත්පත් විකිණීමේ ව්‍යාපාර ගැන පැමිණිලි

Roshan Sunday, 05 January 2020 06:03 PM

ගුරු සංගමයට කියන්නේ කොහොමද? ඒක මෙහෙයවන්නේ ගුරුවරුන්...

:       4       142

දිමුත්Monday, 06 January 2020 09:41 AM

අනේද කියන්නේ.........ඔව්නුයි විදුහල්පතිලයි...............

:       0       1

කමිල සංජීව Monday, 06 January 2020 01:18 AM

රුපියල් තුන් හාරසීයක් වෙන බෑග් එක විකුණන්නේ රුපියල් දාහට.. ළමයි තුන් හාරදාහක් ඉන්න ඉස්කෝලයක් වුණොත් කොහොමද? අැයි බලධාරීන්ට මීට වඩා මේගැන සොයා බලන්න බැරි...?

:       11       95

Herath Monday, 06 January 2020 01:26 AM

මේ බෑග් වසරට දෙකක්වත් ගන්න වෙනවා. මීට වඩා ලොකුම ගැටලුව ඇමැතිතුමනි, පොත් බෑග්වල බර ඒ සඳහා විසඳුමක් දීම සමස්ත පාසල් සිසුන්ටම කරන මහඟු සේවාවක්...

:       0       42

lankaTuesday, 07 January 2020 04:47 AM

කමක් නෑ. වසරක වගකීමක් සමග.

:       0       5

lanka Monday, 06 January 2020 03:44 AM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 683 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site