IMG-LOGO

පස්යාලේ දී කන්ටේනර් වෑන් ගැටී දෙකක් බිලි

(පුෂ්පකුමාර මල්ලවාරච්චි, ආනන්ද ඊ ජයකොඩි සහ වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව් කේ. ජයවර්ධන)

පස්යාල ගිරිඋල්ල මාර්ගයේ දන්සැලේ වත්ත ප්‍රදේශයේ දී අද (8)  පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස්  කුඩා දරුවකු ඇතුළු  කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මැටියගනේ පදිංචිකරුවන් බව කියන චන්දන පෙරේරා 47 සහ මානෙල් පතිරණ 42 යන අය බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි. 

පස්යාල  දෙස සිට මීරිගම දෙසට ගමන් ගත් කන්ටේනර් පටවන තට්ටු ලොරියක් ඉදිරියෙන් පැමිණි වෑන් රියක හා ඒ අසල නවතා තිබූ යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. කන්ටේනර්  ලොරියේ ඉදිරිපස මුහුණට මුහුණලා හැපීම හේතුවෙන් වෑන් රථය පොඩිපට්ටම් වී දොර ජනෙල් පවා ගැලවී විසිවී ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරා සහ එහි  පිටුපස ගමන් ගත් කාන්තාවක බව අනාවරණය වී ඇති අතර කුඩා දරුවකු ඇතුළු කිහිප දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලීසිය සඳහන් කරයි . තරමක් බරපතළ තත්ත්වයේ පසුවූ කුඩා දරුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි වතුපිටිවල රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය. 

යතුරු පැදිය නවතා එහි පැදිකරු ඒ අසළ වෙළඳ සැලකට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුවීම හේතුවෙන්  ඔහුගේ ජීවිතය බේරී ඇත්තේ අනූ නමයෙනි. අනතුර සිදුවන අවස්ථාවේ වැස්ස පැවතී ඇති අතර අනතුරට ලක්වූ ලොරිය කිසියම් හේතුවකින් පාරේ අනෙක් පසට ඇදී යාම නිසා මෙම අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

එම ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .

නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි .

 

 



අදහස් (1)

පස්යාලේ දී කන්ටේනර් වෑන් ගැටී දෙකක් බිලි

පාලිත-කඩවත Monday, 08 November 2021 06:29 PM

මෙහි දැක්වෙන කන්ටේනර් ලොරිය ඊයේ, සවස මට හමුවූවා අධිවේගී මාර්ගයේ කඩුවෙල සහ කඩවත අතරදී, එහිදීත් මා නිරීක්ෂණය කරා මෙම රථය පැදවූ රියදුරා ඉතාම අපරික්ෂාකාරී ලෙස අන් අයට බාධාවන අන්දමට අධික වර්ෂාව මධ්‍යයේ රිය පැදවීම සිදුකරේ. ඕක ඔය රථ අයිති සමාගමේ රියදුරන්ගේ හැටියක්....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site