IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාර වාර්තාව කථානායකට

(බන්දුල ඉලේපෙරුම)

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන්, ඒ මහතාගේ නීති කටයුතු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (23) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදුන්නේය.

අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස් වූ අවස්ථාවේදී එම වාර්තාව ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, ඉන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එතුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.

ඒ අනුව එම වාර්තාව නිල වශයෙන් කථානායකවරයාට භාරදීම අද පෙරවරුවේ කථානායක නිල කාමරයේදී සිදුවිය. එම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද සහභාගි විය.

මන්ත්‍රීවරයන්ට ලබාදීම සඳහා එම වාර්තාවේ පිටපත් හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව වෙත එවන ලෙස කථානායකවරයා ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.

එම පිටපත් ලැබීමෙන් පසු එම වාර්තාව ඉදිරියේදී සියලු මන්ත්‍රීවරයන්ට ලබාදීමට කටයුතු කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.



අදහස් (4)

පාස්කු ප්‍රහාර වාර්තාව කථානායකට

WCA Tuesday, 23 February 2021 12:33 PM

හරියට ගමහරහා දුවලා පළවෙනි තෑග්ග ගත්තා වගේ. අඬන්න ඕනේ හරි නම් තාම ඕකට නඩුවක්වත් දාගන්න බැරිවෙච්ච එකට...

:       22       10

විපරමා Tuesday, 23 February 2021 02:26 PM

අවුරුදු දෙකක් ගිහිල්ලා... කමිටු පත් කරනවා, වාර්තා හදනවා. කාලේ කනවා. මුදල් ගෙවනවා. වැඩේ අද්දනවා. වේදනාව තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය පවුල් වල අයට. මේවා බල ලෝභියන්ගේ කුමන්ත්‍රණ වෙන්න ඇති...

:       0       9

Perera Tuesday, 23 February 2021 06:00 PM

අන්තිමට නටපු නාඩගමකුත් නැහැ.. බෙරේ පලු දෙකකුත් නැහැ.

:       0       0

fairoos Wednesday, 24 February 2021 07:08 AM

මෙයාලට දීලා නම් වැඩක් නැහැ. දේශපාලුවන්නේ..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site