IMG-LOGO

පාස්කු ප්‍රහාර කොමිසමේ සාක්ෂිකරුට පහර දීලා

(කුෂාන් ජයවර්ධන) 
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති කොමිසමේ සාක්ෂිකරුවෙකු වන රිෂාම් මරූෂ් මහතාට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේදී පහර දී තිබේ.
 
පහර කෑමට ලක්වූ ඒ මහතා මේ වනවිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයි. ඔහු මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර දඹුල්ල රෝහල් පොලිසියට ප්‍රකාශයක්ද ලබා දී තිබේ.
 
තමාට පහර දුන් පිරිස හඳුනාගත් බවත්, ඔවුන් පුබ්බෝගම හා අවට පදිංචිකරුවන් බවත්, 15දෙනෙකු පමණ වටවී තමන්ට එහිදී යකඩ පොලුවලින් පහර දුන් බවත්, ප්‍රබල දේශපාලන නායකයින් කිහිප දෙනෙකුට එරෙහිවී ඇති බව පවසමින් ඔවුන් තමන්ට පහරදුන් බවත් රිෂාම් මරූෂ් මහතා පවසයි.
 
මේ වනවිට ඒ මහතාගේ නිවසට පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබේ.
 
පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථානය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.



අදහස් (2)

පාස්කු ප්‍රහාර කොමිසමේ සාක්ෂිකරුට පහර දීලා

hasan420 Tuesday, 09 February 2021 07:34 AM

ඔන්න දැන් පාස්කු ප්‍රහාරයේ අයව අල්ලන්න ලේසිම ක්‍රමය...!!! 

:       1       36

PRS Perera Thursday, 11 February 2021 02:30 AM

පහර දුන් සිද්ධිය මම හිතන්නේ නැහැ.. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ දෙයක් කියලා. සමහරවිට බොරු සාක්ෂියක් දෙන්න ඇති. පහරදීම හෙලා දකිමි. එම සිදුවීම ගැන හරියටම දන්නේ, පහර දුන් පිරිස සහ ගුටිකාපු කෙනාගෙ හෘද සාක්ෂිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 146 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 679 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site