IMG-LOGO

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහි පෙත්සම් විභාගය මාර්තුවේ


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන මා⁣ර්තු 08, 09 සහ 10 වැනිදා සිදුකිරීමට   ශ්‍රේෂ්ඨාධිකරණය අද (15)තීන්දු කළේය.

මෙම පෙත්සම් අද (15) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී දෙහිදෙණිය මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එදිනට පෙත්සම් විභාග කිරීමට සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට නියෝග කරන ලදී.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන සහ නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හර්ෂ ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී සිටීමක් නොකරන හෙයින් ඔවුන් වෙනුවෙන් තමා අධිකරණය හමුවේ කරුණු දක්වන බව සඳහන් කළේය.

තම සේවා දායකයින් වෙනුවෙන් නීතිපතිවරයා මේ දක්වා විරෝධතා ගොනුකර නොමැති හෙයින් ඔවුන්ට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ අනුව එම විරෝධතා ලබන  පෙබරවාරි මස 8 වැනිදා ගොනු කිරීමට  පියවරගන්නා ලෙස වගඋත්තරකාර  හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාපතිවරයාට කල් ලබාදුන් අධිකරණය , එම විරෝධතා වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා පෙබරවාරි මස 15 වන දාට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුනි.
ඊට අමතරව පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා පෙබරවාරි මස 24 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අධිකරණය සියලු පාර්ශ්වයන්ට දැනුම් දෙන ලදී.

පාස්කු ඉරුදින එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින්ම බුද්ධි අංශවලින් ප්‍රමාණවත් තොරතුරු අනාවරණය කර තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සදහන් කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ගොනු කර ඇත.

එම ප්‍රහාරය නිසා  අගතියට පත් වූ පාර්ශ්වයන්, කිතුනු පූජකතුමන්ලා ඇතුළු පාර්ශ්ව 12 ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත්කළහ.



අදහස් (1)

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමට එරෙහි පෙත්සම් විභාගය මාර්තුවේ

සෙනවි Friday, 15 January 2021 10:49 AM

නිකරුනේ කාලය සහ මුදල් වැය වෙනවා. වැඩකට නැති දෙයක්. ඔන්න ඕව අල්ලලා දාන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 133 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 674 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site