IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ 39 කට සෞඛ්‍ය අරමුදලේ වියදමින් ප්‍රතිකාර

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලැබූ 139 දෙනකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතර ඔවුන්අතුරින් දීර්ඝ කාලීනව විශේෂ ප්‍රතිකාර ලැබිය යුතු 39 දෙනකුට ප්‍රතිකාර සඳහා අවශ්‍ය වියදම් සෞඛ්‍යඅමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් ලබාදීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තීරණය කර තිබේ.

මෙම රෝගීන් 39 දෙනාටඅවශ්‍ය විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමෝ කළ යෝජනාවක් අනුව අමාත්‍යවරිය මෙම තීරණය ගෙන ඇත.

'එම රෝගීන්ට විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු බව ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් අගරදගුරුතුමන්ට දැනුම් දී ඇති අතර ඒ අනුව අගරදගුරුතුමෝ ඇමතිවරියගෙන් මෙම ඉල්ලීම කර තිබේ.

එම රෝගීන්ට ශ්‍රීජයවර්ධනපුර රෝහල හරහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව ද ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  පැවසුවාය.

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය ඇතිව එම රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු විශේෂ වෛද්‍ය කණ්ඩායමක් යටතේ එම රෝගීන්ටඅවශ්‍ය විශේෂ ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරිය කීවාය.

එවැනි ප්‍රතිකාර අවශ්‍ය තවත් අය වෙතොත් ඔවුන් සඳහා ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නා බව කී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඒ සඳහා අවශ්‍ය සියළු වියදම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් වැය කරන බව ද සඳහන් කළාය.



අදහස් (0)

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ 39 කට සෞඛ්‍ය අරමුදලේ වියදමින් ප්‍රතිකාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 100 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site