(විනීතා එම් ගමගේ)
පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද විශේෂ ති‍්‍රපුද්ගල කොමිසමේ අතුරු වාර්තාවක් තමන් වෙත ලැබී ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.
නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර එම වාර්තාවේ ඇති නිර්දේශ අනුව ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය දැන ගන්නා විට තමන් සිටියේ සිංගප්පූරුවේ බවත් එය දැනගත් වහා තමන් ජනාධිපති ලේකම්වරයා අමතා වහා ත‍්‍රිපුද්ගල කමිටුවක් පත් කර මේ පිළිබඳව දෙසතියක් තුළ වාර්තාවක් කැඳවන ලෙස දැනුම් දුන් බව කී සිරිසේන මහතා ඒ සඳහා පත් කළ යුතු නිලධාරින් තිදෙනා කවුදැයි තමන් විසින්ම පැවසූ බව ද කීය.
කෙසේ වෙතත් මේ ත‍්‍රස්තවාදය රටින් තුරන් කර දමන බවත් එහි දී කිසිදු විදේශීය රටක හමුදාවක් මේ රටට නොගෙන්වන බවට තමන් ජාතියට පොරොන්දු වන බවත් ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (01) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින සමරුවේ දී ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමින් කළ කථාවේදීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ති‍්‍රපුද්ගල වාර්තාව ජනපතිට
sirimal Wednesday, 01 May 2019 03:58 PM
ඕක ලැබුණු හැටියේ ප්‍රසිද්ධ කරනවා කියලා නේද කිව්වේ? හෙට, අනිද්දා වෙනකොට පිටු කීයක් වේයෝ කයිද දන්නේ නැහැ.
victor Wednesday, 01 May 2019 05:47 PM
කොළ කඩ කඩ බොරුවට දෙනවා
C.K.LankaputhraThursday, 02 May 2019 12:51 AM
මම ගහ හොඳහැටි අඳුනනවා.
RaveendraThursday, 02 May 2019 07:56 AM
බොරු චාටු එපා....
samadhi Thursday, 02 May 2019 02:35 AM
කරුණාකර මැතිවරණ පවත්වා රටේ ප්‍රජාත්‍රන්තවාදය හා මුලික මිනිස් ඡන්ද අයිතිය පළමුවෙන් ඇති කරන්න
jayath Thursday, 02 May 2019 03:45 AM
මේකත් මෙයාට දුන්න තවත් එක වාර්තාවක් විතරක් වෙනවා නිසැකයි