පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් චීන ජාතික විද්‍යාඥයන් සිවුදෙනකු මියගොස් ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
එලෙස මියගොස් ඇත්තේ පර්යේෂණ කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන් සිවුදෙනකු යැයි ද චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.
ඥාතීන් එම චීන ජාතිකයන් සිවුදෙනාගේ මළ සිරුරු හඳුනාගත් බව ද තානාපති කාර්යාලය පවසයි.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් චීන විද්‍යා ඇකඩමියේ තවත් සාමාජිකයන් පස් දෙනකු තුවාල ලැබූ බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් චීනයට යැවූ බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
ත්‍රස්තවාදී ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බවත් චීන ජාතිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දුන් සහයෝගයට කෘතඥ වන බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.
ග්ලෝබල් ටයිම්ස් ඇසුරිනි
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් චීන ජාතික විද්‍යාඥයන් 4 ක් මරුට
ජයන්ත Thursday, 02 May 2019 04:27 AM
එයාලා මෙහෙ ඇවිත් කරන පර්‍යේෂණ ගැන නම් පොඩි කුකුසක් තියෙනවා . හීතල යුද්ධෙ කාලේ ඇමරිකාව , රුසියාව මේ වගේ පර්‍යේෂණ කණ්ඩායම් එවුවා ලෝකෙ පුරාම .