IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් චීන ජාතික විද්‍යාඥයන් 4 ක් මරුට

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් චීන ජාතික විද්‍යාඥයන් සිවුදෙනකු මියගොස් ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. 

එලෙස මියගොස් ඇත්තේ පර්යේෂණ කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන් සිවුදෙනකු යැයි ද චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.  

ඥාතීන් එම චීන ජාතිකයන් සිවුදෙනාගේ මළ සිරුරු හඳුනාගත් බව ද තානාපති කාර්යාලය පවසයි.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් චීන විද්‍යා ඇකඩමියේ තවත් සාමාජිකයන් පස් දෙනකු තුවාල ලැබූ බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් චීනයට යැවූ බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

ත්‍රස්තවාදී ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බවත් චීන ජාතිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දුන් සහයෝගයට කෘතඥ වන බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.   

ග්ලෝබල් ටයිම්ස් ඇසුරිනි

055



අදහස් (1)

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් චීන ජාතික විද්‍යාඥයන් 4 ක් මරුට

ජයන්ත Thursday, 02 May 2019 04:27 AM

එයාලා මෙහෙ ඇවිත් කරන පර්‍යේෂණ ගැන නම් පොඩි කුකුසක් තියෙනවා . හීතල යුද්ධෙ කාලේ ඇමරිකාව , රුසියාව මේ වගේ පර්‍යේෂණ කණ්ඩායම් එවුවා ලෝකෙ පුරාම .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 244 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 594 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site