(ජයන්ත සමරකෝන්)
මීගමුව හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරවල රඳවා ඇති රැඳවියන් දෙදෙනෙකු බැලීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගේ පාවහන් යුගලේ දුම්කොළ කැබලි සඟවා තිබියදී බන්ධනාගාර නිලධාරීන් සොයාගෙන අද(15) ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව බන්ධනාගාරයට පැමිණි අමුත්තෙකුගේ පාවහන් ගලවා පරීක්ෂා කිරීමේ දී එහි සඟවා තිබූ දුම්කොළ කැබලි 10ක් බන්ධනාගාර නිලධාරීන් සොයාගනෙ ඇති අතර, සැකකරු මීගමුව පොලිසියට බාරදුන් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණි අමුත්තෙකුගේ පාවහන් ගලවා පරීක්ෂා කිරීමේදී එහි පතුලේ සඟවා තිබී දුම්කොළ කැබලි තොගයක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීහු සමත්වූහ.
සැකකරු බොරැල්ල පොලිසියට බාර දී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාවහන් පතුලේ දුම්කොළ සඟවා රැඳවියන් බලන්න එති
Bamunuarachchi Wednesday, 16 September 2020 03:47 AM
දුම්කොලයක් මුහුණේ අලවාගෙන අවොත් වයසක කෙනෙක් කියලා යන්නදේවි.