IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොලිස් නිලධාරීන්ට දින 20ක විශේෂ දීමනාවක්

(රංජන් කස්තුරි)
 
ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් සියලු නිලධාරීන්ට ඔවුන්ගේ වැටුපට අමතරව මාසයකට දින 20ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
 
මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් අතර මාස කිහිපයක පටන් පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස එම දීමනාව ගෙවීමට තීන්දු කළ බව මහා භාණ්ඩාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
ඒ අනුව පොලිස් නිලධාරීන්ට මාසයකට රුපියල් 14,000 සිට 20,000 දක්වා එම දීමනාව හිමි වේ.
 
මෙතෙක් සංයුක්ත දීමනා ගෙවනු ලැබුවේ පොලිස් වසමෙන් පිට රාජකාරියේ නිරත වූ නිලධාරීන්ට වන අතර මින් ඉදිරියට එවැන්නක් නොසලකා සියලු පොලිස් නිලධාරීන්ගේ වැටුපට එම දීමනාව එකතුකරන බවද ඔහු සඳහන් කළේය.
 
පොලිස් සේවයේ 75,000ක් පමණ වන සියලු නිලධාරීන්ට මෙම සංයුක්ත දීමනාව හිමිවේ.



අදහස් (2)

පොලිස් නිලධාරීන්ට දින 20ක විශේෂ දීමනාවක්

Saman Tuesday, 15 October 2019 12:25 PM

චන්ද ගුණ්ඩු. හැබැයි ඉතින් ඇල්පිටිය සිමෙන්ති එකේ ප්‍රතිඵලයම තමයි හම්බ වෙන්නේ.

:       36       602

pakeer Tuesday, 15 October 2019 03:59 PM

තව ගෙවන්න ලැස්ති වෙන්න බදු. පොදු ජනතාවට සහන දෙන්න පටන් අරන්.

:       1       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site