IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පොලිස් නිලධාරීන්ගේ දීමනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව වැඩිකර තිබූ පොලිස් නිලධාරීන්ට නීත්‍යනුකූලව හිමිවිය යුතු ඒකාබද්ධ දීමනාව අඩුකිරීමට තීරණය කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පවසමින් තම දීමනාව අඩුකිරීමට ගත් තීරණය අහෝසිකර වැඩිකළ දීමනාව ඒ අයුරින් ගෙවීමට නියෝග කරන්නැයි ඉල්ලා පොලිස් නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
 
මොණරාගල පදිංචි අමිල මහේෂ් ලංකාතිලක මහතා ඇතුළු 6දෙනෙකු විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් හැටියට වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න, ආරක්ෂක ලේකම්, නීතිපති, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.
 
පෙත්සමේ මෙසේද සඳහන් වේ.
 
පෙත්සම්කරුවෝ විවිධ නිල මට්ටම්වලට අයත් පොලිස් නිලධාරීහු වෙති. පොලිස් ආඥා පනතට අනුව පැය 24ක සේවා කාලයක් සේවයේ නියුක්ත වීමට පොලිස් නිලධාරීහු බැඳී සිටිති. ආයතන සංග‍්‍රහයේ 4 වැනි පරිච්ඡේදය අනුව ඔවුන්ට රාජකාරී, ප‍්‍රවාහන දීමනා හා ඉඳුම් හිටුම් සඳහා ඒකාබද්ධ දීමනාවක් හිමිවේ.
 
ඒ අනුව මෙම ඒකාබද්ධ දීමනාව 2018 අගෝස්තු 21 වැනිදා අංක 20 / 2018 දරණ චක‍්‍රලේඛය අනුව සංශෝධනය කෙරිණි. ඒ අනුව මාසික මූලික වැටුප රුපියල් 32,799ක් දක්වා හිමි අයට රුපියල් 700ක්ද , රුපියල් 32,780 සිට රුපියල් 43,479 දක්වා වැටුප් හිමි අයට රුපියල් 800ක්ද , රුපියල් 43,480 කට වඩා ඉහළ වැටුප් තලවලට හිමිකම් කියන නිලධාරීන්ට රුපියල් 1000 ක් වන පරිදි මෙම දීමනා සංශෝධනය කෙරිණි.

එහෙත් මෙම සංශෝධන දීමනා මෙතෙක් පෙත්සම්කරුවන්ට ලැබී නොමැත. එහෙත් රාජ්‍ය බුද්ධි අංශයේ සහ ජනාධිපති ආරක්ෂක අංශයේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට මෙම දීමනාව හිමිවේ.
 
තත්ත්වය මෙසේ තිබියදී පසුගිය මැයි 10 වැනිදා පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව මෙම දීමනා දින 14කට පමණක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි හෙළිවිය.
 
අදාළ දීමනාව මෙලෙස අඩුකිරීම නීතියට පටහැනිවේ. මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇත.
 
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද, ඒකාබද්ධ දීමනාව අඩු කිරීමට ගෙන ඇති තීරණය අහෝසි කරන ලෙසද , 2018 අගෝස්තු 24 වැනිදා සංශෝධන ඒකාබද්ධ දීමනාව ගෙවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (3)

පොලිස් නිලධාරීන්ගේ දීමනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Deegahawattha Wednesday, 12 June 2019 02:41 AM

පොලිස් නිලධාරින් වෙනුවෙන් මේ කරපු දෙ වෙනුවෙන් ඒ අයගේ දෙමාපියන්ට දරුවන්ටත් මේ කරපු පින ලැබෙන්න ඔන

:       0       0

ඩී.බී.දයාරත්න Wednesday, 12 June 2019 03:29 AM

මෙය ඉතාමත් වැදගත් හා කාලෝචිත ක්‍රියාවකි. පොලිසියට කුඩම්මාගේ සැලකිල්ලෙන් මෙම චක්‍රෙල්ඛය ක්‍රියාවට නංවා ඇත. මේ සම්බන්ධයෙන් ඔබතුමන්ලා ගත් ක්‍රයාමාර්ගයට අපගේ සුබ පැතුම්!

:       0       0

රවින් Wednesday, 12 June 2019 05:31 AM

ෂා ................ අලුත්ම සේවක නීති මාලාවක්. ඔය නීති මාලාව දේශපාලුවන්ට දාන්න බැරිද? දුන් පොරොන්දු ලිඛිතව අරගෙන නිශ්චිත කාල පරිච්චේදයක් තුල එම පොරොන්දු ඉටුනොකලොත් ගෙවන ලද සියලු දීමනා හා වැටුප් නැවත අයකර ගැනීමේ පුර්ණ බලතල සියලු ඡන්ද දායකයින්ට හිමිය කියා. නීති රාමුවද ඊට ගැලපෙන පරිදි වෙනස් විය යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site