(නිමන්ති රණසිංහ)
ඇවන්ගාඞ් සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි සඳහන් කරමින් පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඇයැදුම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන 15 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (08) නොතීසි නිකුත් කළේය.
‘ඉන්දි ඇවන්ට්ලාර්ඞ්’ නෞකාව මෙරට දක්ෂිණ මුහුදු තීරයේහි පාවෙන අවි ගබඩාවක් වශයෙන් පවත්වාගෙන ගිය බවත් එම නෞකාවේ තිබී විවිධ වර්ගවල ස්වයංකී‍්‍රය ගිනි අවි 813ක් සහ ජීව උණ්ඩ 2,00,945 ක් සොයාගෙන තිබීමේ සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විභාග වන සිද්ධියකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් තමන් අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ජාතික පොලිස් කොමිසමේ ලේකම් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටප ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දිසානායක මුදියන්සේලාගේ සමන් දිසානායක මහතා සිය නිතීඥයින් මගින් මෙම අපේක්ෂිත ඇපය ඉල්ලා ඇත.
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් කොමිසමේ ලේකම් අපේක්ෂිත ඇප ඉල්ලයි
Hafeel Tuesday, 09 July 2019 08:25 AM
මෙම අපේක්ෂිත ඇප ක්‍රමය නීතියෙන් ඉවත් කල යුතුයි. මේ නීතියෙන් ලොකු ලොකු අපරාධකරුවන් බේරනවා. මේකෙන් වාසිය ප්‍රභූන්ට පමණයි.