IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොලිස් කාකි ඇඳුම වෙනුවට නව නිල ඇඳුමක්

(නාලක සංජීව දහනායක)

පොලිස් නිලධාරීන් සඳහා දැනට භාවිතාවන කාකි ඇඳුම වෙනුවට ඉදිරියේදී නව නිල ඇඳුමක් හඳුන්වාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් තමන් අදාළ අංශ සමඟ දැනටමත් සාකච්ඡා කරන බව කී ජනාධිපතිවරයා ගුණාත්මක හා ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැඟීම සඳහා පොලිසිය තුළ සිදුකරන අභ්‍යන්තර වෙනස්කම්වල තවත් එක් පියවරක් ලෙස පොලිස් නිල ඇඳුම වෙනස් කිරීම සිදුකරන බවද ජනාධිපතිවරයා කීය.

තමා පොලිස් දෙපාර්තමේන්තුව භාරගෙන ගත වූ මාස කිහිපයේදී එහි ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා අභ්‍යන්තර වෙනස්කම් රාශියක් සිදුකළ බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

 

 



අදහස් (15)

පොලිස් කාකි ඇඳුම වෙනුවට නව නිල ඇඳුමක්

Sameera Thursday, 28 March 2019 04:42 PM

පුල්ලි වෙනස් උනාට කොටියා වෙනස් වෙයිද

:       0       265

කල්පනාFriday, 29 March 2019 01:51 AM

මේ කථාව ඇත්ත. එක් කාන්තාවක් සැමියාගේ තාඩනපීඩන ඉවසාගත නොහැකිනිසා නිවසින් පැනගොස් හිතවතියකගේ නිසසේ සිටියදී සැමියා එහිගොස් ඇයට දරුණුලෙස පහරදී තුවාල කර ඔහු මහිතවත් පොළිස් නිලධාරියෙකුට කියා කාන්තාවටම තර්ජනය කල බවක් දැනගන්න ලැබුනා. ඇඳුම වෙනස් වුනාට මෙවැනි ගතිගුණ වෙනස්වේද

:       0       4

thilakFriday, 29 March 2019 09:33 AM

මෙවැනි පොලිස් නිලධාරීන් පිළිබඳව ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා හෝ පොලිස්පතිතුමා දැනුවත් කරන්න.

:       0       0

Nihal Thursday, 28 March 2019 05:09 PM

මගේ අදහස නම් මේ මඩ පාට එක හොදයි. මේක තවත් සුවද හමන පාටකට සමානයිනේ

:       0       153

Chanak Los angeles Thursday, 28 March 2019 07:42 PM

කාගේද කොන්ත්‍රත්තුව කීයද කොමිස් මුදල ? යන්න යන යකා ඒවත් කාගෙනම යන්නයි යන්නේ .

:       48       107

Chanak Los angeles Thursday, 28 March 2019 07:46 PM

ඔව් ඔව් පොලීසියේ ගුණාත්මක බව හොඳට පේනවා අර ව්‍යාපාරිකයන් දෙදෙනාව ඝාතනය කර තිබෙන අකාරයෙන් ..

:       34       546

nihal Thursday, 28 March 2019 10:15 PM

ගුණාත්මක බව ඉහල දැමීමට රටට පිළිලයක් වී ඇති පරණ 225 ඉවත් කර අලුත් 225 ක් දාන්න ඔලුවට එන්නේ නැතිද?

:       0       2

පොඩ්ඩා Friday, 29 March 2019 12:04 AM

අනේ සර් සාක්කු ටික විතරක් ලොකු කරලා දෙන්න ...

:       0       1

rocky Friday, 29 March 2019 02:17 AM

මිනිඔලුව සහ ඇටකටු දෙක සහිත ලාංඡනයක් ද ලබා දෙන්න!

:       5       14

Sapumal. Friday, 29 March 2019 02:48 AM

මේ තියෙන නිළ ඇඳුම හොඳයි.මේ දුප්පත් රටේ තව කලයුතු දේ බොහොමයි.ඒත්,මේ නව නිළ ඇඳුම් වැඩේ නිසා දැනට තියෙන සියලුම ඒවාත්,දැනට භාවිතයට නොගත් ඒවාත් ඉවත දැමීම නිසා වෙන ධන හානිය කොපමණද ? මේවා මොන තරම් මුදල් විනාශ කරන වැඩද ?

:       129       147

Raveendra Friday, 29 March 2019 03:10 AM

අප විස්වාස කරනවා දැනට තිබෙන නිල අදුමෙහි කිසිදු වරදක් නොමැති බව.මෙම නිල ඇදුමෙන් සැරසී " ඉතාම අවංක මෙන්ම එඩිතර නිලදරුවන් අතලොස්සක් " දැනටමත් තම සේවය අවංකව මහජනයා වෙනුවෙන් සේවය කරන බව කිව යුතුය. ඔවුනට අපගේ හදපිරි ආචාර්ය පුදකරන අතර මෙම වටිනා නිල ඇදුම " ඇගේ ඔතාගත් පිරිසක් වැඩිපුර පොලිස් සේවයේ සිටින" බවත් කිව යුතුමය. ඔවුන් නිල ඇදුමට එළියෙන් එය දැකීමට සිදුවීමත් එමඅයගේ අවාසනාවකි. එබැවින් නිල ඇදුමේ වර්ණය කෙලෙස වෙනස් කලත් "මොවුන් පොලිස් සේවයේ සිටින තාක්කල්" මහජනතාවට එම නිල ඇදුම නරක වර්ණයෙන් දිස්වීම කිසිසේත් වැලැක්විය නොහැක.

:       0       39

wedage Friday, 29 March 2019 03:40 AM

හැව මාරුකලාට වැඩක් නැහැ..

:       0       0

janahitha Friday, 29 March 2019 04:21 AM

මම පොලිස්කාරයෙක් නොවුනත් මෙය හුඟක් කල් ඉඳල බලාපොරොත්තු වෙච්ච් දෙයක්. සිරිමා මැතිනිය කලිසම වෙනස්කළා. ඔබතුමා පාට වෙනස් කරන්න. එය ඇසට ගැලපෙන පාටක් නම් වඩා හොඳයි. මෙය ඉතා ඉක්මනින් කලොත් ඉතා හොඳයි. මේ ගැන ඔබතුමාට ස්තුතියි.

:       0       133

de silva Berlin Friday, 29 March 2019 08:33 AM

ඕකත් අර ඇස්බැස්ටෝස් , ග්ල්ය්ෆොසෙට් තහනම, කුඩු ජාවාරම් කාරයන්ට දුන් දඩුවම ක්‍රියාත්මක කිරීම වගේ නිකම්ම නිකම් පුස්සක් වේවිද ?

:       0       1

hira Friday, 29 March 2019 08:38 AM

මම නම් කියන්නේ කළු පාට හොදයි. තේජස වැඩි වෙනවා කළු අැන්දම...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 313 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site