IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


පොලිස් ඇමැතිගේ නිවෙස වටලයි

(කීර්ති ප්‍රනාන්දු)

මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවස ඉදිරිපිට අද සවස සිට දැවැන්ත හර්තාලයක් ආරම්භ කර ඇත.

පන්සීයකට අධික ජනතාවක් ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඉදිරිපිට මෙසේ නිරතව සිටින අතර රණතුංග අමාත්‍යවරයාගේ නිවසට ඇතුල් වන ප්‍රධාන දොරටුව ඉදිරිපිට පොලිසිය ආරක්ෂාව තර කර ඇත .

මේ හේතුවෙන් ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ අධික රථ වාහන තදබදයක් ද හටගෙන ඇත .



අදහස් (22)

පොලිස් ඇමැතිගේ නිවෙස වටලයි

Shan Friday, 06 May 2022 08:07 PM

ජයවේවා...!

:       36       146

පසන් මනෝජ් Friday, 06 May 2022 08:26 PM

නියමයි.

:       27       107

MO78 Friday, 06 May 2022 08:56 PM

අලුත්ම ප්‍රස්ථා පිරුළු, ප්‍රසන්නට පොලිසිය බාරදුන්නා වගේ කියන්නේ හොරාට පොලිසිය බාර දුන්නා වගේ...!

:       21       118

ගාමිණි ළිදගෙදර Friday, 06 May 2022 09:01 PM

මහජන ආරක්ෂා ඇමැති කෙනෙක් මොකටද ආරක්ෂක ඇමති කෙනෙක් ඉන්නවා නම්...? මේ හොර නඩය පමණ ඉක්මවා කැබිනට් ඇමතිලා, රාජ්‍ය ඇමැතිලා..., විෂය බාර ඇමැතිලා..., උප ඇමතිලා ඒ මදිවට පළාත් සභාවලත් ඇමතිවරුන් ඉන්නවා ගෝනි ගණන්... මේ අය අපේ රටට, ජාතියට මෙතෙක් කළ කිසිම දෙයක් නෑ. මේ අපරාධ මතු භවයටම ගෙනියන්න.

:       18       115

beau Friday, 06 May 2022 09:18 PM

අනේ බොහෝම හොඳයි. පොලීසිය, අපේ දරුවන්ව පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කරනවට...

:       4       16

Willow Drive Friday, 06 May 2022 09:30 PM

ජයවේවා...!

:       15       77

අප්පුහාමි Friday, 06 May 2022 09:37 PM

ඇයි උන්නැහේත් විපක්ෂයේද?

:       14       57

swene Friday, 06 May 2022 09:43 PM

ප්‍රසන්නට පොලිසිය බාරදීමෙන් ජනපතිගේ ආකල්පය හෝ මොලයේ තත්ත්වය තේරුම් ගත හැකියි. එවැනි ජනාධිපති කෙනෙක් කුමන සර්ව පක්ෂ ආණ්ඩුවද? පරණ ආණ්ඩුවම නොවේද?

:       16       108

Rata Perata Friday, 06 May 2022 11:05 PM

අර බලෙන් අල්ල ගත්තු එකත් වටලන්න.

:       1       8

ජගත් ලියනගේ Saturday, 07 May 2022 12:19 AM

කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වාලු...!

:       0       9

ඩිලිෂ් Saturday, 07 May 2022 05:22 AM

හොඳ වැඩේ අර කොල්ලන්ට කරන අපරාධයට නම් ඔහොම වෙලා මදි...

:       1       9

සුනිල් Saturday, 07 May 2022 07:04 AM

කප්පම්, අල්ලස් චෝදනා තියෙන කෙනෙකුට පොලිසිය බාර දුන්නාම.., නරියාට කුකුළු කොටුව දුන්න වගේ තමයි.

:       0       10

වෙල්විදානෙ Saturday, 07 May 2022 08:17 AM

හොඳම වෙලාව හමුදාවට රට බාරදීම අවුරුදු දෙකකටවත්... මේ වැඩෙන් වෙන්නේ රට තවත් වල පල්ලට යාමයි. මේ උද්ඝෝෂණ සේරම ලපයාගේ වැඩ. 71 ඉඳලාම මොවුන්ට කරන්නත් බැහැ.. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ...

:       20       6

NuwanSaturday, 07 May 2022 12:54 PM

ඇයි දැන් ඉන්නෙත් හමුදාවේ හිටපු කෙනෙක් නෙවෙයිද මහපුටුවේ? එයා තමයි හොඳටම කළේ..

:       2       11

[email protected] Saturday, 07 May 2022 09:34 AM

වර්තමාන ජනාධිපති හ⁣ට රටේ ආරක්ෂාව ගැන ඇති දැනුම ඇත්තටම ගැටළුවක්... අනාගැනිල්ල හැර වෙන කිසිවක් මේ තාක්කල් කර නොමැති බව කණගාටුවෙන් වුවද සඳහන් කරමි.

:       0       15

Nandana Saturday, 07 May 2022 09:56 AM

මෙයාව ගම්පහින් තමිල් නාඩුවට යවන්න...!

:       1       11

Perera Saturday, 07 May 2022 10:07 AM

ඔය ඇමැති පිම්බිලා වැඩියි.. හුළං බස්සන්න කාලෙ හරි.

:       3       16

Roger Halliday Saturday, 07 May 2022 11:52 AM

මේ අයගේ හොර වැඩ. ඉඩම් ඇතුළු චෝදනා තියන අයෙක් කොහොමද ඇමැති වුණේ? කඩේ යන හින්දා නේද?

:       1       12

Raheem Saturday, 07 May 2022 02:01 PM

අයියෝ මෙයාට මොනවටද පොලිස් ආරක්ෂාව? මෙයා ගෙදර ගේට්ටුව ඉස්සරහ හිටගත්තාම, අමුතුවෙන් ගේට්ටුවක් ඕනෑ නැහැ.

:       0       9

ගමේ එකාලා Saturday, 07 May 2022 02:58 PM

ශරිර කූඩුවේ තරමට මොලේ නැහැ. උද්ඝෝෂකයින්ට පහරදීම් කෙරෙව්වේ මෙයාගේ වුවමනාවට කියලා ආරංචියි. බලලෝභී, බඩගොස්තරවාදින්ගේ වැඩ. පවුලේ මහ එකා ඉඳලා ඔක්කොම දේශපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු අයයි.

:       1       11

Yasantha Saturday, 07 May 2022 06:42 PM

මිනිස්සුන්ට ඇත්ත කියන්න බැරි, දූෂිත සියලු දෙනා ගෙදර යැවිය යුතුයි. අරගලයට කැපවන තරුණයින්ට අප සියලු දෙනාම ණයගැතියි. ඔවුන් සියලු දෙනාම පාරට ආවේ අප වෙනුවෙන්.. රට වෙනුවෙන්.

:       1       6

KUMARA Sunday, 08 May 2022 02:05 PM

හොරා කාපු කෑම පේනවා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 199 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 290 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 443 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site