(ඉන්දිකා රාමනායක)
සහකාර පොලිස් අධිකාරිවරුන් වශයෙන් උසස් කරන ලද නිලධාරීන් 150 ට අධික පිරිසකට සිය නිලයට හිමිවන නිල රථ ලබා දී නොමැති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
2016 , 2018, යන වසර වලට බලපැවැත්වෙන පරිදි සහකාර පොලිස් අධිකාරිවරුන් වශයෙන් වරින්වර උසස් වීම් ලැබු නිලධාරීන් රැසකට මෙලෙස නිල රථ ලබා දී නොමැති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
2016 වසරේ උසස්වීම් ලැබූ නිලධාරීන් ජ්‍යෙෂ්ඨත්වය මත කිහිප දෙනකුට නිල රථ ලබා දී තිබුණ ද සෙසු පිරිසට මෙතෙන් නිල රථ ලබා දී නොමැති බවද එම නිලධාරියා කීය.
2018 වසරේ සිට වරින්වර උසස්වීම් ලැබූ කිසිවකුටත් මේ දක්වා නිල රථ ලබා දී නොමැති බවද එම පොලිස් නිලධාරියා කීය.
මේ හේතුවෙන් සහකාර පොලිස් අධිකාරිවරුන් 150 ට අධික පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
ඇතැම් සහකාර පොලිස් අධිකාරිවරුන් සිය ගමන් බිමන් යාම සඳහා සිය පෞද්ගලික වාහන භාවිතා කරන බවත් ඇතැම් සහකාර පොලිස් අධිකාරිවරුන් නිල රථ නොමැති කමින් මගී බස් රථවල ගමන් ගන්නා බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
එ්කනේ කියන්නේ ඔය උසස්වීම් ගන්න එපා කියලා. සොක්කෙක් වගේ ඉඳන් පාරේ හෙල්මට් නැති එකෙක්ව අල්ලලා කීයක් හරි හොයාගත්තු එකත් නැතිවෙලා ගියා නේද?
සහකාර පොලිස් අධිකාරිවරුන් සිය ගමන් බිමන් යාම සඳහා සිය පෞද්ගලික වාහන භාවිතා කිරීමේ ප්‍රශ්නය කුමක්ද? මේ සඳහා දීමනාවක් දුන්නම ඉවරනේ.
අපේ රටේ සියලුම සැලසුම්වල පැතිකඩක් මේ. උසස්වීම් දෙනකොට ඒ සමග දියයුතු පහසුකම් ගැන සැලසුම් හදන ලොක්කෝ දන්නේ නැද්ද? වර්ජන නවත්වන්න දහ පොරොන්දු දෙනවා. දෙන්නේ කොහොමද කියලා සැලසුමක් නැහැ. කුණු කසල බැහැර කරන්න ඕන කියලා මහා සද්දයක් දානවා. කරන්නේ කොහොමද කියලා සැලසුමක් නැහැ. ඒත් අපට ප්‍රතිපත්ති සම්පාදනය කරන, සැලසුම් හදන අමාත්‍යංශ දහයක් දොළහක්ම තියෙන නිසා ඒ ගැන හිතලා සන්තෝස වෙමු නේද?
යුරෝපයේ නම් ලංකාවේ රාලහාමිලාට මෙන් නිල රථ හම්බවෙන්නේ නැත. රාජකාරි වලට යන්නේ පොලිස් රථ වල වන අතර වැඩට එන්නේ මහජන ප්‍රවාහන සේවයෙන් හෝ තම පුද්ගලික වාහනයෙන්ය.
ලංකාවේ මිනිස්සුන්ට මෝටර් රථයක් කියන්නේ තමන්ගේ ලොකුකම පෙන්වන තවත් එක අංගයක් පමණක් වෙලා තියෙන නිසා තමයි ජනපති, අගමැති, මැති ඇමැතියන්ගේ ඉඳලා ඕනෑම ආයතන ලොක්කෙකුට නිල වාහනයක් දෙනවා කිව්වම ඕනෑ සක්කිලි වැඩක් කරන්නේ.. මේ රට අගාධයට ගෙනියන එක උගුලක් තමයි ඔය වාහන කෙරුවාව... කෙනෙකුට කියන්න පුළුවන් "තමන්ට වාහනයක් තියා ගන්න එකේ වැරැද්ද මොකද්ද?" කියලා.. තමන්ට මුදල් තියෙනවා නම් කැමති විදියට වියදම් කළාට කමක් නැහැ. නමුත් අපි තව ටිකක් ඉන් එහාට ගිහින් හිතන්න කාලය එළැඹිලා කියලා හිතෙන්නේ නැද්ද? අපි වාහනයක් ගෙන්වනකොට කොපමණ මුදලක් රටින් පිටට යවනවද? ඒකේ ඉන්ධනවලටත් තවත් රටක් පොහොසත් කරනවා. එක පුද්ගලයෙක් වෙනුවෙන් වාහනයක් බැගින් පාරට දාලා පාරේ හොඳ වාහන තදබදයකුත් ගොඩනගනවා.. එතැනත් මහවිශාල ඉන්ධන ප්‍රමාණයක් නාස්ති කරනවා. අන්තිමේදී මොකද්ද රටට ගෙනැල්ලා තියෙන ආදායම? නිල වාහන, වාහන ආනයන බලපත්‍ර, පගාව නවතලා රටේ ආර්ථිකයට මේ කරන "හානිය " නවතන්න හිතමුද?