IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොලිසියේ 25,397කට එකවර උසස්වීම්

(තරිඳු ජයවර්ධන)

පොලිස් කොස්තාපල් නිලයේ සිට පොලිස් පරීක්ෂක නිලය දක්වා පොලිස් නිලධාරීන් 25,397කට උසස්වීම් ලබා දීමට ඊයේ (18) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර එම තීරණය පොලිස්පතිවරයාට යොමු කළ බව ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.

කාලයක් තිස්සේ උසස්වීම් පමාවීම නිසා 2020 වසරේ සහ 2021 වසරේ සිට උසස්වීම් ලැබීමට යෝජිතව තිබූ මෙම නිලධාරීන්ට 2019 වසරට සහ 2020 ජනවාරි මාසයට පෙරදාතම කර කොටස් දෙකකට උසස්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබීම අනුව මෙම උසස්වීම් ලබා දෙන බව පොලිස් කොමිසම පවසයි.

ඒ අනුව පොලිස් කොස්තාපල්වරුන් 15525 දෙනකුටත්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 1630 දෙනකුටත්, පොලිස් සැරයන්වරුන් 4950 දෙනකුටත්, කාන්තා පොලිස් සැරයන්වරියන් 263 දෙනකුටත් උසස්වීම් ලබාදීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරුන් 1490 දෙනකුට ද, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් 117 දෙනකුට ද, පොලිස් පරීක්ෂකවරුන් 1321 දෙනකුට ද, කාන්තා පොලිස් පරීක්ෂකවරියන් 101 දෙනකුට ද උසස්වීම් ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම පිරිසෙන් කොටසකට 2019 ජූලි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදිත්, තවත් පිරිසකට 2020 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදිත් උසස්වීම් ලබා දීමට නිර්දේශ කර එය පොලිස්පතිවෙත යොමු කළ බවත්, පොලිස්පතිවරයා අද (19) හෝ හෙට (20) මෙම උසස්වීම් ක්‍රියාත්මක කරනු ඇති බවත් ජාතික පොලිස් කොමිසම පවසයි.



අදහස් (3)

පොලිසියේ 25,397කට එකවර උසස්වීම්

සුරංග Tuesday, 18 February 2020 09:50 PM

ඡන්ද ගුණ්ඩු. ඔහොම කලාම අන්තිමට පොලිසියෙ ඔක්කොමලා නියෝජ්‍ය පොලිස්පතිලා වෙලා තමයි නවතින්නෙ.

:       14       30

අමිත Tuesday, 19 May 2020 12:42 PM

මේ 2020 පෙබරවාරි දුන්න උසස්වීම් සදහා කොමිසමෙන් අනුමැතිය ලැබීම මිස නැවත උසස්වීම් ලබා දීම නොවෙයි.

:       4       4

Waruna Friday, 22 May 2020 10:52 AM

උසස්වීම් දුන්නා... නමුත් ඒ අයගේ සේවාකාලය දුන්නේ නෑනේ.. වැඩක් නෑ දුන්නට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site