හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9 ට පමණ ඔහු විමර්ශන ඒකකයට කැඳවා තිබිණ. කෙසේවෙතත්, ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය සඳහන් කළේ ය.
2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.
COMMENTS
මෙන්න දැන් ක්‍රිකට් තරගය පාවාදීමේ මහින්දානන්දගේ කතාව ආණ්ඩුවට පාරාවළල්ලක් වගේ ඇවිල්ලා තියෙන්නේ. මහේලට දැන් එන්න එපා කියන්නේ ඒකතමයි. මේ ලෝකපූජිත ක්‍රීඩකයින්ට කළේ මොනතරම් අපරාධයක්ද? අපේ තරම් රටට, ජාතියට, තමන්ගේ මිනිස්සුන්ට හරියනවට කැමැති නැති මිනිස්සු ජාතියක් ලෝකෙ කොහෙවත් නැහැ.
නීතිගරුක ශිෂ්ඨසම්පන්න මේ රටේ ජනතාව අප රට බිහිකළ ලෝක පූජිත ක්‍රිකට් ශ්‍රේෂ්ඨයින් හට කරන මේ අපහාසය පිළිකුලෙන් යුතුව හෙලාදකිමු..
විලිලැජ්ජයි.., ලංකාවේ දේශපාලකයින් ගැන.
පාහර දේශපාලකයින්ගේ පාහර වැඩ..!!!
මේ විමර්ශනයන් නිසා රටට දරන්න වන වියදම මහින්දානන්දගෙන් අය කළ යුතුයි. එවිට වාචාල දේශපාලුවන්ට පාඩමක් වනු ඇත.
මේ කලේ ජාතික අපරාධයක්. රටට සහ අපේ වටිනා ජාතික සම්පතක් වගේ ඉන්න ක්‍රීඩකයින්ට සහ විශ්‍රාමික ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූ තේරීම් කමිටුවට කළ බලවත් අපහාසයක්... මේ අපහාසය කළාට මේ ආණ්ඩුවේ සෙල්ලක්කාර වගකීම් රහිත දේශපාලකයින්ට විරුද්ධව අපහාස නඩු පැවරිය යුතුයි. එය සැහැල්ලුවට ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි අගමැතිට විරුද්ධවත් කටයුතු කළ යුතුමයි.
මහේලව කොහොමත් ප්‍රශ්න කරන්න එපා. මොකද ඔහු අවසන් තරඟයේ 103ක් ගැහුවා වේගයෙන්.