තරිඳු ජයවර්ධන
දැනට රටේ උද්ගතව ඇති වාතාවරණය සැලකිල්ලට ගෙන වාහම ක්‍රියාත්මක වන පරිදි සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
හදිසි අවශ්‍යතාවයන් සඳහා නිවාඩු ලබා ගන්නේ නම් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ අවසරය පරිදි සිදු විය යුතු බව පොලිස් මූලස්ථානය සියලු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන්ට විශේෂ පොලිස් පණිවුඩයක් මගින් උපදෙස් දී ඇත.
කිසිදු සාමය කඩවීමක් නොවන පරිදි නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් තමන්ගේ බලප්‍රදේශයේ රැඳී සිටිමින් ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් පුද්ගලිකව සොයා බලා සංවිධානය කළ යුතු බව ද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙනට පොලිස් අණදෙන තොරතුරු කොට්ඨාසයේ කාර්යභාර නිලධාරියාගේ අත්සනින් මෙම විශේෂ පොලිස් පණිවුඩය නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිසියේ නිවාඩු අවලංගු කරයි
Hafeel Saturday, 27 October 2018 03:29 AM
ඒ වගේම අරලියගහේ විවාහ උත්සවය දාත් අර ඇමති පුතාගේ පවුල් ජීවිතයත්..., රටේ දැන් උද්ගත වී ඇති තත්වය නිසා තවත් අවුරුදු 11ට ප්‍රමාද කළා.