(නිමල කොඩිතුවක්කු)
පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහා මහතා පැවැසීය.
ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ එකඟතාවය මත මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය විසින් පොලිස්පතිවරයා ආරක්ෂා කරන බවට පැතිර යන තොරතුරු අසත්‍යයක් බවද ප‍්‍රකාශ කළ නලීන් බන්ඩාර මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ගත හැකි ඕනෑම තීරණයක් ගැනීමට තම පක්ෂය පසුබට නොවන බවද සඳහන් කළේය.
ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා ඉල්ලීමක් කළේය.
පසුගිය 25 වැනි දා ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
COMMENTS
ඕගොල්ලන් ඉවත් කිරීමේ යෝජනාවත් ඉක්මනටම ගේනව.
මෙතුමා ගැන අපි දන්නවා. මෙතුමා අාසනයටවත් දෙයක් කලේ නැති කෙනෙක්... බොරු කියකියා ඇවිදිනවා.
මොකද පොලිස්පති විතරක්... එයත් කරේ තියාගෙන 225 දෙනාත් ගෙදර ගියොත් නරකද?
කිරි අප්පට බල්ලෝ පැනපි... මේ මහත්මයා කොහෙද හිටියේ? හම්බන්තොට තෙල් ටැංකියක් එහෙම මුර කළාද? තාත්තා කිව්වද යෝජනාව ගේන්න කියලා? බුදු සරණයි රටට !!