IMG-LOGO

පලාලි ගුවන්තොටුපළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම්කෙරේ

(මනෝජ් හර්ෂික)

පලාලි ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කිරීමට රජය තීරණය කර තිබේ.

ප්‍රාදේශීය ගුවන් තොටුපොළක්ව පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ මේ අනුව කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් වශයෙන් සැලකේ.

පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට නම් කිරීමත් සමඟ දැනට ලංකාවේ ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලංකාවේ අති අනෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වේ.

ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසට පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කෙරිණි.



අදහස් (19)

පලාලි ගුවන්තොටුපළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ලෙස නම්කෙරේ

Prabha Thursday, 03 October 2019 10:27 AM

මේ ඇවිත් තියෙන්නේ සුළු ජාතීන් සතුටු කරන්න කියලයි.

:       96       306

NissankaThursday, 03 October 2019 10:42 AM

චීනෙන් ණය අරන් මිනිස් වාසයක් නැති මත්තල ගුවන් තොටුපලක් හැදුවට වඩා මේක හොද වැඩක් කියලා ප්‍රභා නෝනට හිතෙන්නේ නැද්ද? අපේ රටේ වැඩි පිරිසක් සංචාරය කරන්නේ ඉන්දියාවේ. බොහෝ දෙනෙක් බෞද්ධ බැතිමතුන් අඩු වියදමකින් දැන් ඒ අයට වන්දනාවේ ගිහින් එන්න අවස්තාවක් ලැබෙනවා

:       1118       744

Prabha Thursday, 03 October 2019 11:14 AM

යාපනේ බෞද්ධයින් ගොඩක් ඉන්නවා.

:       215       334

NissankaThursday, 03 October 2019 12:25 PM

දඹදිව වන්දනාවේ යන බොහෝ දෙනෙක් ගුවනින් චෙන්නායි බලා ගොස් එතැන් සිට දුම්රියෙන් උතුරට යන්නේ ගුවන් ගමන් සඳහා වියදම අඩු කරගන්න. මත්තලට වඩා පලාලි සිට චෙන්නායි වලට අඩු මුදලකට ගුවන් ටිකට් පතක් ලබා ගැනීමට හැකියාව තිබේ. කිසිදා ගුවනින් ගොස් නැති ප්‍රභාලාට ඒ ගැන වැටහීමක් නැත.

:       337       174

ගොන්ගාලේ ගොඩබණ්ඩා Thursday, 03 October 2019 08:56 PM

නිස්සංකට තියෙන්නේ "වැටහීමක්" නොවෙයි "පැටලීමක්" දේශපාලනය පටලවාගෙන ආණ්ඩුව කරන ඕනෑම වරදක් හරි කියලා පෙනෙන ලෙඩක්. තව වැඩි දවසක් නොයා උතුරු නැගෙනහිර පළාත් සභාව මේක පාලනයට අත දාලා තමන්ගේම වීසා නිකුත් කරන්නත් පටන් ගන්න ඉඩ තියනවා. "පනින රිලවුන්ට ඉනිමන් බදිනවා" වගේ වැඩක්. රට හැම තැනම ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල්. මේ සුදානම් වෙන්නේ "ජාත්‍යන්තර ගුවන්තොටුපළ" තත්වයට ගෙනත් හම්බන්තොට වරාය චීනෙට විකුනපු හිලවුවට 99 අවුරුද්දකට ඉන්දියාවට බදු දෙන්න. මේකයි ඇත්ත. මේ පටලවා ගැනීම් ලිහන්න බෑ කවදාවත්.

:       162       234

සපුමල් බණ්ඩාර Thursday, 03 October 2019 10:54 AM

රටේ ජනගහනයෙන් හතරෙන් එකක් වන සුළු ජාතින් තුන් වෙනි පන්තියේ පුරවැසියන් පිරිසක් ලෙස සැලකිය යුතුයි කියලද ඔබ සිතන්නේ

:       278       316

kapilaThursday, 03 October 2019 12:07 PM

අනේ අම්මපා මේ වර්ණ අන්ධතාවයෙන් පෙළෙන මිනිස්සුන්ට මේ දේවල්වල යටි අරමුණ තේරෙන්නේ නැති හැටි... මෙය සියළුම කැපුවත් අයට පොදු ධර්මතාවයකි.

:       47       153

Tharindu Thursday, 03 October 2019 10:57 AM

මත්තල වී ගබඩා කළා වගේ මේකේ ළූණු ගබඩා කරන්න පුළුවන්.

:       237       285

senaThursday, 03 October 2019 12:05 PM

ඉන්දියාවේ ඉඳලා දවසකට එකක් දෙකක් වත් එ්වි...

:       6       49

FernandoThursday, 03 October 2019 02:23 PM

ලංකාවට වැඩිම සංචාරකයෝ එන්නේ ඉන්දියාවෙන් කියලා දන්නේ නැද්ද? ලංකාවේ මිනිස්සු වැඩිපුරම සංචාරය කරන්නෙත් ඉන්දියාවේ

:       245       99

BamunuarachchiFriday, 04 October 2019 02:57 AM

ඒ ටිකත් නොඑනවානම් හොඳයි නේද?

:       15       25

sanjayaFriday, 04 October 2019 03:39 AM

ලංකාවට වැඩියෙන්ම එන්නේ ඉන්දියාවෙන් නොවෙයි චීනෙන් .

:       0       0

Hafeel Thursday, 03 October 2019 11:28 AM

දැන් පොහොට්ටුව කියාවි ඉන්දියාවෙන් කොටි ඒවි කියලා.

:       119       217

chandima Thursday, 03 October 2019 11:52 AM

දෙවෙනි ලෝක යුද්දේ අවසන් වෙලා පැවැත්වුණු සාකච්ඡාවකින් පස්සේ යුරෝපයත්, රුසියාවත් ජර්මනිය දෙකඩ කරලා වෙනවෙනම කොටස් අයිති කරගත්තා. මට නම් පෙනෙන්නේ උතුරේ යුද්ධය අවසන් කරන්න අපට උපකාර කරලා ලංකාවේ උතුරත් දකුණත් ඉන්දියාව සහ යුරෝපීයයන් බෙදාගත්තා කියලයි. උතුරේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් පිහිටුවන ගමන්ම ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වලට විදේශ ගුවන් සේවා වලට අවසර දෙන්නත් ඉන්දියාව ඒ අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කරන්නත් යනවා. අපට අපේ රට නැතිකරගෙන ලබන සංවර්ධනයෙන් වැඩක් තිබේද?

:       68       565

BamunuarachchiFriday, 04 October 2019 02:50 AM

සංවර්ධනයක් මේ අවුරුදු 5 ට වුනේ නැහැනේ. හැබැයි රට බෙදිල්ල නම් වුනා. එකනේ අර 62 ට ඕනකලේ.

:       29       125

menna Thursday, 03 October 2019 12:32 PM

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ...!! හැමඑකකටම වගේ කාගෙවත් නමක් දන්නේ නැද්ද?

:       21       7

Sunil Ambalangoda Thursday, 03 October 2019 01:45 PM

ත්‍රස්තවාදී යුද්ධයට කලින් පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස නම්කරලා තිබුණා​. ඒ කාලෙත් ඉන්දියාවේ තැන් කීපයකට ගුවන්යානා මෙහෙයුම් සිදුවෙලා තියනවා​.

:       138       413

SriLankan Friday, 04 October 2019 12:47 AM

උතුරු පළාත්හි ජනතාව බොහෝ විට ගමන් කරන්නේ යුරෝපීය රටවල් වලට, චෙන්නායි වලට වඩා ලන්ඩන් ගුවන් වලට හොද ඉල්ලීමක් ඇති විය හැක.

:       0       2

Bamunuarachchi Friday, 04 October 2019 02:29 AM

එතකොට මත්තලට එන්නේ නැති ගුවන් යානා පලාලී වලට එනවද?

:       44       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 148 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 679 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site