IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පල්ලිය පිටුපස ජංගම දුරකතන ගිනිතැබූ තිදෙනෙක් සැකපිට අල්ලයි

(හිඟුරානේ නවරත්න සමරතුංග)

පොතුවිල පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී (27) දින දහවල් 12-00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකළ සිද්ධියක් සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොතුවිල පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පල්ලියේ සභාපතිවරයා සහ ආගමික අංශය භාරව කටයුතු කරන අයෙකු ඇතුලු යාබද ඉඩමේ පදිංචිකරුවෙකු බව කියයි.

පොතුවිල් පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් සහ පොලිසිය ඒකාබද්ධව සිදුකල සෝදිසියකදී පිළිස්සීමට ලක්වූ මෙම ජංගම දුරකතන සොයාගෙන ඇති බව කියයි.

සැකකරුවන් සහ එම භාණ්ඩ පොතුවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.

අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී එන්.වැලිසරගේ මහතාගේ උපදෙස් මත පොතුවිල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර දිසානායක කණ්ඩායම් භාර නිලධාරී උප පොලිස් පරීක්ෂක රේවන්ත හොරණගේ අරුගම්බේ පොලිස් විශේෂකාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුලු නිලධාරීහු 15 දෙනෙක් සෝදිසි මෙහෙයුමට එක්ව සිටියහ.  



අදහස් (7)

පල්ලිය පිටුපස ජංගම දුරකතන ගිනිතැබූ තිදෙනෙක් සැකපිට අල්ලයි

sam Saturday, 27 April 2019 10:24 AM

මේ පල්ලිවල ඉන්නේ පූජකවරුන් නෙමේනේ... ඔක්කොම මිනීමරුවෝ නේ. මහලොකුවට ආගම කියනවා කියන්නේ මිනිස්සු මරන්න සැලසුම් කරන එකද?

:       205       2534

පිටිගල මිලානෝ Saturday, 27 April 2019 10:48 AM

සෑම මුස්ලිම් පල්ලියක්ම නොපමාව පරීක්ෂා කරන්න. පැය විසිහතරේම පොලිස් ඔත්තුකරුවන් මේ ආශ්‍රිතව රඳවන්න.

:       113       1926

Anuradha Saturday, 27 April 2019 10:53 AM

කිසිම අවදානමක් ගන්න එපා. මුලු රටේම තියෙන හැම පල්ලියක්ම පරික්ෂා කරන්න.

:       52       1398

Darshana Saturday, 27 April 2019 11:44 AM

බලාගෙන ගියාම පල්ලිවල ඉඳලා තියෙන්නේ මිනීමරුවෝනේ.

:       0       0

ravi Saturday, 27 April 2019 12:00 PM

ත්‍රස්තවාදීන්ට වැඩිය මෙවැනි පුද්ගලයන් තමයි .... ත්‍රස්ත මර්දනයට ඉතාමත් වැදගත් වෙන්නේ !

:       0       0

nuwan Saturday, 27 April 2019 01:03 PM

පල්ලි විතරක් නෙවේ, හැම ආගමික ස්ථානයක්ම පරික්ෂා කරන්න.

:       0       0

Thilak dubai Saturday, 27 April 2019 02:46 PM

ජංගම දුරකථන ගිනි තැබීම නීති විරෝධිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site