(ඩබ් ඒ පියතිලක)
සෝමාවතීය ජාතික උද්‍යානයට යාබදව ඇති පේරක කලාපයේ පල්ලියගොඩැල්ල මලල්ආරුව ප්‍රදේශයේ වගාකරුවන් විසින් වසර 100ක් පමණ පැරණි පලු ගස් 15ක් පමණ කපා දමා කුට්ටි කර රැගෙන ගොස් ඇති බව උද්‍යාන භාරකරු ඩබ්. එච්. එල්. කේ. වාසල මහතා කීය.
සෝමාවතීය ජාතික උද්‍යානයේ භාරකරු ඩබ්. එච්. එල්. කේ. වාසල මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.
‘අපේ වනජිවී උද්‍යානයට අයත් ස්ථානයක මේ දේ කලා නම් එක මොහොතක්වත් යන්න කලින් මේ අපරාධය කරපු අය මේවන විටත් මහ උළු ගෙදර යවලා ඉවරයි. නමුත් අපිට අයත් ප්‍රදේශයක නෙවෙයි මේ අකටයුත්ත වෙලා තියෙන්නේ. සෝමාවතිය ජාතික උද්‍යානයට යාබදව ඇති පෙරක කලාපයක වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශයක්. මේ පල්ලියගොඩැල්ල මලල්ආරුව ප්‍රදේශය භාරව කටයුතු කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. නමුත් ඒ අයගේ අවසරයක් නැතිව මේ වටිනා ගස් කපා විනාශ කරන්න බෑ. නමුත් මේ ප්‍රදේශයේ ගොවිතැන් කිරීමට අවසර ලබා දිලා තියෙනවා.’
‘ඒ දිලා තියෙන්නේ සෝමාවතීය ජාතික උද්‍යානයට යාබදව ඇති පෙරක කලාපය තුළ එක් ප්‍රදේශයක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්ව තිබෙනවා. ඒ ප්‍රදේශයේ වගා කරන අය තමයි මේ වසර සියක් පමණ විශාල ගස් කපලා කුට්ටි කරලා අරන් ගිහින් තියෙන්නේ. ඒ ගස් තිබුණා කියලා කිසිම වගාකරුවකුටවත් වෙනත් අයටවත් කිසිම හානියක් නෑ. හරියටම කාන්තාරයක් වාගේ. මේ කිසිවකුගෙන් කිසිදු අවසරයක් නොමැතිව මේ විදියට ස්වභාව පරිසරය විනාශ කිරීම තුළින් මෙම වනාන්තරවල ජිවත්වන සතා සිව්පාවාට සේම මිනිසාටත් දැඩි ලෙස බලපැම් ඉදිරියේදී ඇති විය හැකියි.’
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පල්ලියගොඩැල්ලේ පලු ගස් 15 ක් කපා දමයි
sharm warn Wednesday, 09 October 2019 11:52 AM
පලු ගස් 15ක් කපලා කුට්ටි කරනකොට කාටවත් ඇහුනේ පෙනුනේ නැද්ද? දැනටමත් වෙන පරිසර හානි පෙනී පෙනී මෙහෙම වැඩ කරන්න? අනිවාර්යයෙන් දේශපාලන කෙරුම්කාරයෙක් ඇති පිටිපස්සෙන්.
Bamunu Wednesday, 09 October 2019 12:44 PM
මෙච්චර විශාල ගස් කපනවා. කිසිම කෙනෙකුට ඇහුණේ නැද්ද?
kolam boss Wednesday, 09 October 2019 01:09 PM
ඔක්කොම ඉවර වුණාට පස්සේ තුවක්කු අරන් ඇවිත් ෆොටෝ ගැහුවට කපන අය හොඳ නිවිසැනසිල්ලේ ගස් ටික කපන්න ගිහින් බවයි පෙනෙන්නේ...
chinthaka Wednesday, 09 October 2019 01:32 PM
මේ සියලුම කෙනෙහිලිකම් වලින් බේරෙන්න අවස්ථාවක් නොවැම්බර් 16 එනවා. ඔලුව කල්පනාවෙන් වැඩකරලා අපේ රටේ අනාගතය හදාගනිමු..
athuraThursday, 10 October 2019 05:23 AM
එතකොට අර පොහොර නිකන් දෙනවා කිව්වේ මේ ගොවියන්ට නෙමෙයිද?
PA - RA Thursday, 10 October 2019 01:49 AM
ඡන්දෙට පෙර පරදින බව දැන ගත්ත ගමන් කරන වැඩ
sumith Thursday, 10 October 2019 03:32 AM
අනේ මගේ පපුව හෝර්ස් ගාල පත්තු උනා මේ කරපු අපරාදේ දැකල , දෙවියනි ඔබ කොහිද ?
ලුම්බිණි Thursday, 10 October 2019 04:35 AM
ජාතික උද්‍යානයක් නම් මොන එකකටද මේක ඇතුලේ ගොවිතැන් කිරිමට අවසර ලබා දිලා තිබෙන්නේ? සතා සිව්පාවා ගැන කියන්නේ මෙතන වගා කරන කොට සතුන් ඉන්නේ කොහොමද? උන්නත් වගා කරපු මිනිස්සු ඇවිල්ල සතුන් මරනවා නේද? මොලයක් නැද්ද?
Prabha Thursday, 10 October 2019 07:01 AM
කොහොමත් ඔටුවෝ කැමති කාන්තාරවල ජිවත් වෙන්න
Athula kThursday, 10 October 2019 09:35 AM
හරියටම හරි.