IMG-LOGO

2025 සැප්තැම්බර් මස 01 වන සඳුදා


පාලනයෙන් ගිලිහුණු රොකට්ටුව පහළට එනවා

පාලනයෙන් ගිලිහී ගිය චීන රොකට් කැබැල්ල අද (8) සවස හෝ හෙට (9) අලුයම් කාලයේ හෝ පොළොවට කඩා වැටෙනු ඇතැයි නාසා විද්‍යාඥයෝ අනතුරු අඟවති.

සිදු කළ ගණනය කිරීම් අනුව, රොකට් කැබැල්ල අද සවස හෝ හෙට පොළොවට වැටෙනු ඇති බව පැවැසුවත්, එය වැටෙන්නේ කොතැනටදැයි යන්න නිවැරදිව කීමට හැකියාවක් නැත.

රොකට්ටුව මේ වනවිට පෘථිවි කක්ෂයේ පාමෙන් ඇත්තේ පැයට කිලෝ මීටර් 30,000 ක පමණ වේගයකිනි.

වායු ගෝලයට ඇතුළු වන රොකට් කැබැල්ල මූදට වැටුණහොත් එයින් කාටවත් අනතුරක් සිදු නොවන අතර, එය ගොඩබිම ජනාකීර්ණ ස්ථානයකට පතිත වුවහොත් මහා විනාශයක් සිදුවීමට ඉඩ ඇත.

එහෙයින් ඒ ගැන විමසිල්ලෙන් පසුවන්නැයි ලෝක වාසීන්ට අනතුරු ඇඟවීමට ද නාසා ආයතනය පියවර ගෙන තිබේ.

පොළොවට කඩා වැටීමට නියමිතව ඇත්තේ, මීට දින කීපයකට පෙර චීනය යැවූ රොකට්ටුවක කොටසකි.

චීනය අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරමින් පවතී. එය 2022 වසර අවසන් වෙද්දී ඉදිකර අවසන් කිරීමට නියමිතය. ඊට අවශ්‍ය කොටස් පෘථිවි කක්ෂයට ගෙන යෑම සිදුවන්නේ Long March 5B වර්ගයේ චීන රොකට්ටුවෙනි.

කඩා වැටෙන්නේ Long March 5B රොකට්ටුවට අයත් ටොන් 21 කට වඩා බරින් යුත් මීටර් 30 ක් පමණ දිග රොකට්ටුවේ බූස්ටර් කොටසය.

මෙම කොටස උඩු ගුවනේ දී වෙන් වී පහළ සාගරයට වැටීමට සැලැසුම් කර තිබුණු නමුත්, එය පෘථිවි කක්ෂයට ඇතුළු වී තිබේ. එය පසුගිය දිනකීපය පුරා පෘථිවි කක්ෂයේ පාවෙමින් තිබුණු අතර දැන් එය පෘථිවි වායුගෝලයට පිවිසීමටත් ගිනිගෙන දැවෙමින් යළි පෙළොවට ඇදී ඒමටත් නියමිතය.

වසර 30 කට පසු පොළොවටය පතිත වන දැවැන්තම රොකට්ටු කැබල්ල මෙය යැයි නාසා ආයතනය කියයි.

රොකට් කැබැල්ලේ ගමන් දිශාව පිළිබඳ චීනය, ඇමෙරිකාව, රුසියාව සහ යුරෝපා රටවල් මේ වනවිට විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ.

(බීබීසී)



අදහස් (13)

පාලනයෙන් ගිලිහුණු රොකට්ටුව පහළට එනවා

විජිත් Saturday, 08 May 2021 11:12 AM

මගේත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඔය ගිනිඅරගෙන කඩාගෙන වැටෙන රොකට් බූස්ටරය, අපේ රට විනාශකරපු මිනීමරු, හොර, අසමජ්ජාති, රටේ මිනිසුන්ගේ ලේ උරා බොන දේශපාලුවන් රැස්වී සිටින විටකදී, දියවන්නාවේ මන්දිරයට කඩාගෙන වැටී ගිනිගෙන පොළොවටම සමතලා වේවා...!!!

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Saturday, 08 May 2021 11:12 AM

අලි මදිවට හරක් කිව්වලු... ඇයි මේකට ඉතිං මිසයලයක් යවලා උඩු ගුවනේදී විනාශ කරලා දාන්න බැරි...?

:       0       0

සිරිබිරිස් Saturday, 08 May 2021 11:59 AM

ඕක පාර්ලිමේන්තුව පැවැත්වෙන වේලාවට ඒක උඩට වැටෙන්න සෙට් කරන්න බැරිද ?

:       0       0

අඟර දඟර Saturday, 08 May 2021 12:03 PM

අයියෝ . පුදුම කරදරකාරි ජාතියක් . එකපාරක් වයිරස් එකක් ගෙනත් අතෑරියා . දැන් රොකට් එකක් .

:       0       0

don perera Saturday, 08 May 2021 12:08 PM

කලින් කොරෝනා දැන් රොකට්

:       0       0

Lankaputha Saturday, 08 May 2021 12:42 PM

පාර්ලිමේන්තු සැසිය හෙට පැවැත්වීම අවලංගු කළා..

:       0       0

Dio Saturday, 08 May 2021 01:15 PM

රොකට් අාචාර්ය රෝහිතගෙන් අහන්න බලන්න මේක කොහාටද වැටෙන්නේ කියලා...

:       0       0

Demuni Uduwara Saturday, 08 May 2021 02:44 PM

අපේ පාලකයින් අපේක්ෂා කරන්නේ එය අපේ භූමියට වැටෙනු ඇති අතර එවිට අපට අමුත්තන්ගෙන් ඩොලර් උපයා ගත හැකි බවට.

:       0       0

wimal Saturday, 08 May 2021 02:54 PM

ලංකාවේ අය බලාගෙන ඉන්නේ කියියක්හරි පොකට් එකට දාගන්න.

:       0       0

Rohana Saturday, 08 May 2021 04:46 PM

කඩාවැටෙනවානම් මුහුදටම කඩා වැටේවා !!!

:       0       0

sachith Saturday, 08 May 2021 05:51 PM

කලබල වෙන්න දෙයක් නැ අභ්‍යවකාශ විද්‍යාඥයෙක් අපිට ඉන්නවා

:       0       0

විපරමා Saturday, 08 May 2021 07:13 PM

සමහරවිට මැදමූලනේ පැත්තට යාවිද කියන්ඩ බැහැ .

:       0       0

මුණසිංහ Sunday, 09 May 2021 02:11 AM

ඇත්තටම චීනෙන් ලංකාවට නොලැබුන එකම දේත් දැන් ලැබෙන්න යනවා වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 70 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15593 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 533 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site