IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පොලොන්නරුවේ කුඹුරුවලට දිවයර නිකුත් කරයි

(ක.ග .කරුණාරත්න සහ චාපා මධුභාෂිණි) 

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  ප්‍රධාන ජලාශ යටතේ වී වගා කෙරෙන   කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට මාස් කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම අද දින ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ සහ කවුඩුල්ල යන ජලාශවල ජලය නිකුත් කළ බව පොලොන්නරුව කලාප බාර වාරි මාර්ග අධ්‍යක්ෂ එල්.එම්.ඩබ්ලිව්.රත්නසිරි මහතා පවසයි. 
මේ වනවිට එම සියලූම  ජලාශවල ජලය සියයට 80ක් ඉක්මවන පවතින බවද ඒ මහතා කීය. 

රාජ්‍ය නිළධාරීන්ගේ ඒකඟතාවය මත දිස්ත්‍රීක්කයේම සියළු ජලාශයන්හි ජලය නිකුත් කිරීම අදට යොදා ගත්තත් ගොවීන් සතුටින් වගා බිමට බහින්න සූදානමක් නොමැති බව පැවැසීය.

මේ වන තුරුත් බොහෝ ඇළ මාර්ග සුද්ද පවිත්‍ර කර නොමැති බවත් කන්නයක් ආරම්භ වෙනකොට දොරවල් අගල් 18 පමණ විවෘත කරන නමුත් මෙවර දොරවල් විවෘත කළේ අගල් 8 පමණක් බව ද ගොවිහු පෙන්වා දුන්හ. මේ ආකාරයට දින ගණනාවක් ගොවීන් ඇලවේදී සුද්ද පවිත්‍ර කරන ආකාරය නිරික්ෂණය කර වගා සඳහා සූදානම් නොවුනහොත් නැවත දොරවල් වසා දමන ලෙස අපි වාරි මාර්ගයෙන් ඉල්ලීමක් කරන්න බව ද ගොවිහු මෙහිදී කියා සිටියේය.

වෙනදා දියවර නිකුත් කරන අවස්ථාවේ විවිධ පුද පූජා සිදු කළ ද මෙවර එවැනි කිසිදු චාර්ත්‍රයක් ඉටු නොකරනු ලැබීය.

(ඡායාරූප: ක.ග .කරුණාරත්න)


 

(ඡායාරූප: චාපා මධුභාෂිණි)



අදහස් (1)

පොලොන්නරුවේ කුඹුරුවලට දිවයර නිකුත් කරයි

Lalith M Friday, 05 November 2021 05:22 PM

චීන අසූචි, ඉන්දියානු මුත්‍රා සහිත ආහාර ගොයමට... බැරලෝහ එක්ක විෂ හාල් අපිට... අනේ අපිට ගිය කලක්..!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site