IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ප්‍රා. ලේ. කාර්යාලවල සේවා ගැන සොයන්න කඩා පනින හමුදාව

(ජයන්ත සමරකෝන්)
 
රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මහජන සේවාවන් සිදුවන ආකාරය පිළිබඳව සොයාබැලීම සඳහා විමර්ශන කණ්ඩායම් හෙවත් කඩා පනින හමුදාව යෙදීමට  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.
 
එහි මූලික අදියර යටතේ දැනට බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් අතරින් 8ක කටයුතු විමර්ශනය කර ඇතැයිද පැවසේ.
 
මීට පෙර ග්‍රාම නිලධාරී කාර්යාල පරීක්ෂා කිරීම සිදු වූ අතර, එහිදී අඩුපාඩු රැසක්ම අනාවරණය කරගැනීමට හැකි වූ බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
 
රට පුරා ග්‍රාම නිලධාරී කාර්යාලවලින් මෙන්ම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ජනතා සේවය සිදුවන ආකාරය හා එම නිලධාරීන් ක්‍රියාකරන ආකාරය පිළිබඳව  ප්‍රථමයෙන් සොයාබැලෙන බවද එම ප්‍රකාශකයා කීය.
 
ඒ සමඟ ම එම නිලධාරීන්ගේ ගැටලු හා ඒවාට අවශ්‍ය විසඳුම් සොයාබැලීම ද මෙහිදී සිදුකෙරේ.
 
රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 322ක්ද, ග්‍රාම නිලධාරී කාර්යාල 14,022ක්ද ක්‍රියාත්මක වේ.



අදහස් (3)

ප්‍රා. ලේ. කාර්යාලවල සේවා ගැන සොයන්න කඩා පනින හමුදාව

Perera Friday, 06 March 2020 11:55 AM

ඒ වගේම නගරසභා හා ප්‍රාදේශීය සභාවලටත් පනින්න ඕනෑ. විශේෂයෙන් මම ඉන්නේ බොරලැස්ගමුව නගර සභාවට අයත් බෙල්ලන්විල ප්‍රදේශයේ. අපේ පැත්තේ පී.එච්.අයි. අවුරුද්දකට සැරයක් ඩෙංගු බලන්න එනවා එච්චරයි.. මිනිස්සු ඔවුන්ට කැමති විදිහට ජීවත්වෙනවා. කුණු දානවා, ජරා වතුර දානවා, මැස්සෝ හෝ ගාලා, කවුරුවත් බනින්නේ නැහැ. මම හිතන්නේ එයා පුටු රත් කරකර ඉන්නවා. මිනිස්සු පැමිණිලි කරනකම් ඉන්නවා මොනවා හරි කරන්න. පැමිණිලි කරලත් සමහර වෙලාවට එන්නේ නැහැ. මිනිස්සුන්ට හරිම කරදරෛ. ඕකයි තත්වේ.

:       0       0

සේන Friday, 06 March 2020 01:13 PM

ඉතා හොඳයි. මෙහෙම කාලයක් ගියාම මිනිසුන් වැඩකරන්න පුරුදු වෙයි. විනයකට පුරුදු වෙයි.

:       1       2

ass charyaSaturday, 07 March 2020 06:34 PM

කඩා පනින හමුදාවටත් පගාව දීල ශේප් වෙයි අපේ අය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site