IMG-LOGO

‘පාර්සල් සිද්ධිය‘ වරප්‍රසාද කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගයේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා  සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පාර්ලිමේන්තු සංකීර්ණයට  බලාත්කාරයෙන් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්  පැවැත්වීම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පවරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

කෙසේ වෙතත් 3වැනිදා පැවැත්විමට  නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී  මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර  අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයට  සැකකටයුතු පාර්සලයක්  මෙසේ ගෙනැවිත් ඇතැයි පැවසෙන්නේ පසුගිය 24 වැනිදාය.

මේ සම්බන්ධයෙන්  විධිමත් පරීක්ෂණයක්  වහාම  පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි සභානායක දිනේෂ් ගුණවර්ධන, සහ  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු  යන මහත්වරුන් ඇතුළු ආණ්ඩු පක්ෂයේ  මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් මැතිසබයේදී  පසුගිය 25 වැනිදා ඉල්ලීමක් කළහ.

ඒ අවස්ථාවේදී කතානායකවරයා පැවසූවේ  එම සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කරන බවයි.

එහෙත් පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එලෙස පැමිණිලි කිරීමේ  හැකියාවක් පවතින  නීතිමය තත්වය  යටතේ නොමැති බව  පාර්ලිමේන්තු නිලධාරීන් කතානායකවරයාට පෙන්වාදී ඇත. සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වීම වරප්‍රසාද කමිටුවට පැවරීමට කතානායක වරයා තීරණය කර ඇත්තේ ඉන් අනතුරුවය.

විදුලිය කපා හැරීමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් විදුලි පන්දම් දල්වමින් (ටෝච්) පාර්ලිමේන්තු සභා ගර්භයේ  පසුගිය 24 වැනිදා  උද්ඝෝෂණයක් පැවැත්වූහ. මෙම සැකකටයුතු පාර්සලය  පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙනැවිත් ඇතැයි පැවසෙන්නේ එම දිනයේදීය.



අදහස් (0)

‘පාර්සල් සිද්ධිය‘ වරප්‍රසාද කමිටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site