(දයාරත්න ඇඹෝගම)
යුද හමුදාව සහ පොලිසිය එක්ව පරසන්ගස්වැව සහ කටුකැලියාව යන ප්‍රදේශවල සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී කඩු දෙකක්, පරිගණක උපාංග, ආගමික දේශනා ඇතුළත් සංයුක්ත තැටි 50 ක්,චෙක්පොත් කිහිපයක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අද (07) අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර විජය මාවතේ සහ පුදුකුලම යන ප්‍රදේශවල පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.
පොලිසිය හා යුද හමුදා නිලධාරින් විසින් අලුත්ගම ප්‍රදේශයේ කුකුල් ගොවිපලක් වටලා එහි සිදුකළ මෙහෙයුමකදී පරිගණක උපාංග,සංයුක්ත තැටි 50 ක්, භාවිතා කළ සහ අඩක් භාවිතා කළ චෙක්පොත් 10 ක් බැංකු කිහිපයකට අයත් විසා කාඩ් කිහිපයක් සමඟ එම ගොවිපලේ මුස්ලිම් ජාතික සේවකයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
පුදුකුලම ප්‍රදේශයෙන් කඩු දෙකක් සමඟ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.