ප්‍රංශයේ හිටපු ජනපති නිකොලස් සාකෝසි මහතාට දූෂණ චෝදනා මත වසර තුනක සිර දඬුවම් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇත.
මහේස්ත්‍රාත්වරයෙකුට අල්ලස් ලබාදීමේ චෝදනාවකට වැරදිකරු වීම හේතුවෙන් ඔහුට මෙම දඬුවම ලබාදී ඇත.
ප්‍රංශයේ මෙවැනි දඬුවමක් ලැබූ පළමු ජනපතිවරයා සාකෝසිය.
සාකෝසි පවසන්නේ ඔහු අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
2007 වසරේ සිට වසර පහක් ප්‍රංශයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සාකෝසි මහතා මේ වනවිට 66 වැනි වියේ පසුවෙයි. ඔහු දැඩි සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.
සාකෝසි මහතාට එරෙහිව තවත් වැරදි කිහිපයකටම චෝදනා ගොනුකර තිබේ.
(බීබීසී ඇසුරිණි)
085
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ප්‍රංශයේ හිටපු ජනපති සාකෝසි මහතාට සිරදඬුවම්
siri Monday, 01 March 2021 06:11 PM
ඒ ඉතින් ප්‍රංශයේනේ. මෙහේ කොහෙද ඒ සෙල්ලම්...?
Perera Monday, 01 March 2021 06:15 PM
ප්‍රංශ රටේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ ජනපතිලා හිරේ යන්නේ නැහැ...!!!
Ruhunu Monday, 01 March 2021 11:12 PM
ඔබතුමා ලංකාවේ ජනාධිපති වුණා නම් ඔය වගේ සිර දඬුවම් විඳින්න වෙන්නේ නැහැනේ.
Rata Perata Tuesday, 02 March 2021 07:15 AM
ඒකට අපේ රටේ අය. හොර වැඩවලට හිරේ දාන්න බෑ කියලා ඉස්සරවෙලාම නීතියක් සම්මත කරගන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්න අනික් ටිකත් උඩ පැනලත් උස්සනවා. ඇයි තමන්ගේ හොරකම් ටිකත් වහගන්න පුළුවන්නේ...
සේනක Tuesday, 02 March 2021 08:19 AM
ප්‍රංශයේ, බන්ධනාගාර රෝහලක් එහෙම නැද්ද දන්නේ නැහැ නේද? සර්කොසි මහත්තයෝ අපේ අය නම් මෙලහකට බන්ධනාගාර රෝහලට සියපාරක් විතර ගිහිල්ලා. අපේ රටේ නීතියක් නැහැ මහත්තයෝ ඒකයි වෙනස. නැත්නම් 1977න් පස්සෙ හිටිය සියලුම ජනාධිපතිවරු, අගමැතිවරුන් මේ වෙනකොට හිරේ ඉන්න ඕනෑ.
කපුරු හාමි Tuesday, 02 March 2021 08:47 AM
ඒකටත් එක්ක අපේ රටේ ඉන්නේ දූෂිත බලලෝභී නායකයින්, මේ වැඩ කෙරෙන්නෙත් ඒ අයට ඕනෑ විදියට...
chandanaTuesday, 02 March 2021 10:37 AM
ඒකට ලොකු හේතුවක් තියෙනවා. ප්‍රංශය කියන්නේ ඉහළම ප්‍රජාතන්ත්‍රවාදයක්... නිදහසක් තියෙන සුපිරිම රටක්. මේ ලංකාවේ වගේ නොවෙයි. ඒ රටේ කිසිම ආගමකට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නැහැ. පූජකයින් කියන කියන විදිහට ආණ්ඩුව නටන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රංශයේ නීතිය කාහටත් පොදුයි. ජනාධිපතිත් වැරදි කාරයෙක් නම් හිරේයනවා.