IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් ජනතාවට සහන දෙනවා‘‘

(තිලකරත්න දිසානායක සහ අධිකරණ ටෝනි කරුණානායක)

රටේ එක් ප්‍රශ්නයක් විසඳනවිට තවත් ප්‍රශ්නයක්. අද වනවිට යුක්රේන් රුසියානු යුද්ධයත් බලපාලා. නමුත් මෙරට ජනතාවට සහන සැලසීමට රජය හැකි සෑම උත්සාහයක්ම  දරනවා යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (11)  ගම්පහ දී පැවසීය.

ජනතාවට සහන සැලසීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා , අමාත්‍යවරුන් ඇතුලු රජය කටයුතු කරමින් සිටිනවා. නමුත් ලෝකයේම ප්‍රශ්න පැන නැගී තිබියදීත් කුමන ප්‍රශ්න ගැටළු පැවතියද ජනතාවට සහන සැලසීමට කටයුතු කරනවා.

ඉදිරියේදී මෙරටට ඩොලර් ලැබෙනු ඇති බවට විපක්ෂය ඇතුලු ආර්ථික විශේෂඥයන් ඉදිරිපත් කරන මතයට ද ඇහුම්කන් දෙන බවද හෙතෙම සඳහන් කළේය.  

අර්බුද එකින් එක පැමිණි බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා, කොරෝනා ලෝක වසංගතය, තෙල් මිල වැඩිවීම,  යුක්රේන් රුසියානු යුද්ධය වැනි බාහිර ප්‍රශ්න ගැටළු විසැඳීම අපට අපහසුයි නමුත් දේශීයව එන ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් විදේශ ණය ගෙවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය. 



අදහස් (21)

‘‘ප්‍රශ්න පිට ප්‍රශ්න ආවත් ජනතාවට සහන දෙනවා‘‘

Sunil Friday, 11 March 2022 06:14 PM

අනේ දුන්නු සහන හොඳටම ඇති... තව පව් නොදී අයින් වෙන්න...

:       2       90

කෝරලගේ Saturday, 12 March 2022 07:14 AM

රටම මහා සාගතයකට ගෙනගිය මේ අසාර්ථක රජය දැන්ම ඉල්ලා අස්වෙලා තවත් පව් නොදී ගෙදර යන්න. නැත්නම් මිනිස්සු රජය එලවන එක වැඩි ඇතක නැහැ. දෙයියනේ රටේම ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශයි. මේක රටට මහා සාපයක්...

:       0       1

සංහිද Friday, 11 March 2022 06:16 PM

තවනම් සහන එපා මහත්තයෝ. මේ දීපු සහන හොඳටම ඇති.

:       2       85

Ruhunu Friday, 11 March 2022 06:29 PM

යුක්රේන්වලිනුත් ණයක් ගන්න බැලුවොත් නරකද?

:       2       71

Gamini Friday, 11 March 2022 06:31 PM

එක වෙලාවකට හිතෙනවා ප්‍රභාකරන් රට අල්ලාගත්තා නම් මීට වඩා හොඳයි කියලා...

:       137       87

vikum Friday, 11 March 2022 06:37 PM

ඔය අය ඉන්නතාක් කල්, අපි දිනෙන් දින හිඟන්නන් වෙමින් තමයි ජීවත් වෙන්නේ... මොනාද ලැබුණු සහන? ආණ්ඩුවෙන් මිනිස්සුන්ට ලැබුණේ හෙන විතරයි..

:       1       76

Soma dubayi Friday, 11 March 2022 06:38 PM

අපිට ඔබතුමා විශ්වාසයි, මොනතරම් ප්‍රශ්න තිබුණත් ඔබතුමා රට ගොඩදාන බව අපි දන්නවා.

:       88       18

විපරමා Friday, 11 March 2022 07:07 PM

රට ගොඩදාන එක කෙසේ වෙතත් දූෂිත පවුල් පාලනේ අය, ඒ අයගේ අය හතර වරිගෙම ඉන්න අය හොරකම්, වන්චා, දූෂණ වලින් ගොඩගිය බව ලෝකෙම දන්නවා...

:       23       73

Pradeep KumaraFriday, 11 March 2022 09:42 PM

සෝමාට එහෙනම් ඩුබායිවලට බායි කියලා ලංකාවට යන්න පුළුවන් වෙයි. ඇයි සර්ලා රට ගොඩ දානවනේ... සමහරවිට ඩුබායි වල කාන්තාවක් ගෙදර වැඩටත් ගන්න පුළුවන් වෙයි.

:       10       42

BabyFriday, 11 March 2022 09:58 PM

වහල්ලු ඉන්නකං කොහොමත් ඒ අය ගොඩයනවා. රට වල පල්ලට යනවා. වහල්ලු හොඳයි කෝච්චි පාරේ පීලිවලට දාන්න.

:       13       42

රටවැසියා Friday, 11 March 2022 07:45 PM

ඒ කියන්නේ මේ ටිකේ අපිට ප්‍රශ්න වැඩි වුණා කියලා දැනුණාට ඒ දීලා තියෙන්නේ සහන වෙන්න ඕනෑ...

:       1       35

Jagath Friday, 11 March 2022 07:59 PM

සහන නම් හොඳටම ලැබෙනවා. දැන් ලැබෙන සහන වැඩිවෙලා ජනතාවම හොම්බෙන් යන්නේ.

:       1       37

Disanayaka Friday, 11 March 2022 10:11 PM

මේ අය ජනතාව විහිලුවට අරන්, උපරිමයෙන් ජනතාව පුළුවන් තරමින් හූරන් කාලා තව සහන දෙනවලු... අර පුරුදු කරපු ගිරවෙක් වගේ එකම දේ ඔහේ කියවනවා...

:       0       9

naleen Friday, 11 March 2022 10:17 PM

ඒක නම් ඇත්ත. සහන දෙනවා කුඩුවෙන්න. මිනිස්සුන්ට දැන් සහන දැකලා සතුට දරාගන්න බැරුව ඉන්නේ...

:       0       10

mp Saturday, 12 March 2022 07:23 AM

සහන උතුරලා යනවා. බෙහෙත් මිල, හාල් මිල, පිටි මිල, ගෑස් මිල, තෙල් මිල, බස් ගාස්තු... රුපියල් 5000 ගෙවන්නේත් එක් කොට්ඨාසයකට විතරයි...!

:       0       1

Kumudu Saturday, 12 March 2022 07:48 AM

අම්මෝ තවත් සහන අපට නම් එපා.. මේ දුන්නු සහන හොඳටම ඇති..

:       0       1

sumith Saturday, 12 March 2022 08:06 AM

මේ දුන්නු සහන හොඳටම ඇති. සහන වැඩිවෙලා මිනිස්සු හරි අසහනෙන් ඉන්නේ...

:       0       2

sena Saturday, 12 March 2022 10:36 AM

ඔබතුමා තමන්ගේ රටට ආපසු යන එක තමයි, අපිට දෙන්න පුළුවන් උපරිම සහනය...!

:       0       3

jayasekara Saturday, 12 March 2022 11:06 AM

බම්බුව තමයි...! 

:       0       2

kamal Saturday, 12 March 2022 12:35 PM

අපට නම් දැන් දුන්නු සහන හීන වෙලා තියෙන්නේ, ඔය කියන සහන කපුටාස්ලට දෙන්න...

:       0       1

Lalith M Saturday, 12 March 2022 08:19 PM

සූරාකෑමට තව මොනවද ඉතුරු...? දැන්වත් තමන්ගේ රටට යන්න. කපුටාස්ලාට නිදහසේ මැරෙන්න දෙන්න. නැවත රාජපක්ෂ නමවත් දකින්න ඕනෑ නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 578 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site