IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු සෙංකෝලයේ කඩතොලු කිහිපයක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ බල අධිකාරියේ සංකේතය ලෙස සැලකෙන සෙංකෝලයේ කුඩා හානි (කඩතොලු) කිහිපයක් හඳුනාගෙන ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉරිදා ලංකාදීපයට  පැවැසීය.

පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේ ඇතිවූ විවිධ සිද්ධීන්වලදී  මෙම හානි සිදුවන්නට ඇතැයි විශ්වාස කරන බවද   හෙතෙම සඳහන් කළේය.

මෙම හානි  මෙරටදී  පිළිසකර කිරීමේ හැකියාවක් නැති බවත් පිළිසකර කරන්නේ නම් එය  එංගලන්තයේ මවු සමාගමට යැවිය යුතු බවත් ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් මෙම හානි බැලූ බැල්මට බාහිරයට නිරීක්ෂණය නොවන බවද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා  ප්‍රකාශ කළේය.

මේ අතර  පාර්ලිමේන්තුවේ සෙංකෝලයේ  අනුරුවක් දැවයෙන්  සකස් කර පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීම සඳහා  කටයුතු සලස්වන ලෙස  වේත්‍රධාරිවරයා එහි සන්නිවේදන  දෙපාර්තමේන්තුවට  පසුගියදා උපදෙස් දුන්නේය.

සෙංකෝලය සභා ගැබේ තබා ඇති අවස්ථාවල  පාසල් දරුවන් ඇතුළු පිරිස්වලට  එය දුරින් දැකබලාගත  හැකි වූවත් ළඟ සිට දැකබලා ගැනීමට අවස්ථාව  සැලසීම සඳහා මෙම අනුරුව සකස් කරන බවද  ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ බලාධිකාරියේ සංකේතය වන සෙංකෝලය බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මන්ත්‍රී මණ්ඩලයට 1949 වර්ෂයේදී  ප්‍රදානය කරන ලදී.

බර රාත්තල් 28 කින් යුක්තවන  සෙංකෝලයේ දිග අඟල් 48 කි. කළුවර යෂ්ඨියකින්ද  රිදියෙන් , කැරට් 18ක රනින් සහ නිල් මැණික්වලින්ද  එය අලංකෘතවී ඇත. 



අදහස් (9)

පාර්ලිමේන්තු සෙංකෝලයේ කඩතොලු කිහිපයක්

samira Saturday, 06 November 2021 08:37 AM

මුළු පාර්ලිමේන්තුවම ජරාවක් වෙලා තියෙද්දී ඕක විතරක් බේරිලා තියේවිද

:       1       11

ravin Saturday, 06 November 2021 08:46 AM

ආ... මොකද සෙන්කොලයේ තිබුණු වටිනා මැණික් ටිකත් උස්සලාද රටේ ඉන්න පල් හොරු ටික.?

:       9       8

janabala asamagi Saturday, 06 November 2021 09:20 AM

නූගතුන් දුෂිතයන්, තැබෑරුම් කරුවන් නියෝජනය කරන ඔය කෝලය...

:       1       11

Neranjan Saturday, 06 November 2021 09:25 AM

එච්චරයි අඩු වෙලා තිබ්බෙ.දැන් ඔක්කොම හරි යයි..

:       1       6

gamunuSaturday, 06 November 2021 06:14 PM

සිරගතව සිටිය යුතු පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටිනා විට සහ ඔවුන්ගේ හැසිරීම නිසා පාර්ලිමේන්තු සෙංකෝලයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදයම මේ වනවිට කඩතොලු වී තිබේ.

:       0       1

මසිරිපාල Saturday, 06 November 2021 09:41 AM

අලුත් වැඩියාව සදහා විශාල මුදලක් වැයවේවී. එය මුලින්ම පැහැර ගැනීම කල කෙනාගෙන් හෝ ඔහු මියගිය කෙනකු නම් කලත්‍රයාට ගෙවන වැන්දඹු වැටුපෙන් අලාභයෙන් භාගයකුත් ඉන් පසුව පැහැර ගත් අයගෙන් ඉතිරියත් අයකල යුතුය මෙයට ජනතා මුදල් වැයකිරීම නොකල යුතුය.

:       0       10

විපරමා Saturday, 06 November 2021 03:48 PM

දේශපාලුවෝ සෙංකෝලය උස්සගෙන දුවපු විදියට ඔහොමවත් තියෙන එක මදෑ. දූෂිත දේශපාලුවෝ කරපු හොරකම්, වංචා දූෂන දිහා බැලුවාම ඕක 1949දී දීපු එකමද කවුද දන්නේ...? කටුගෙයි වටිනා පුරාවස්තු වලට වෙච්චි දේවත් කවුරුවත් දන්නේ නැහැනේ...

:       0       3

Sriland Saturday, 06 November 2021 04:08 PM

ඕක පරණ බඩු කඩේකට දීලා කීයක් හරි අරගන්න... ඔය බොරුව නඩත්තු කරන්න මාසෙකට කීයක් වියදම් කරනවද?

:       1       1

රත්නායක Saturday, 06 November 2021 06:56 PM

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුනුවිසුණු වූ කල සෙන්කෝලය ගැන කවර කතාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site