IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇමැතිවරු නෑ

 

 

බිඟුන් මේනක ගමගේ 

නව කැබිනට් මණ්ඩලය පත්කිරීම සමඟ පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට එහි සභා ලේඛන කාර්යාලය කටයුතු කර ඇත.

පැවැති ආණ්ඩුවේ ඇමැති ධූර දැරූ මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් දක්වා තිබූ ඇමැති විෂය නාම ඉවත්කර සියලුම මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියෙන් මන්ත්‍රී නාමය පමණක් දැක්වෙන සේ මෙම යාවත්කාලීන කිරීම කර තිබේ.

ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහතා පත්කරනු ලැබ දින ගණනාවක් යන තෙක් පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොවූ අතර හිටපු ඇමැතිවරුන්ගේ නම් එහි දිස්විය.

මෙසේ ඇමැති ධූර හිමි මන්ත්‍රීවරුන්ගේ නාම යාවත්කාලීන නොකිරීම ගැන කළ විමසීමේදී පාර්ලිමේන්තුවේ සභා ලේඛන කාර්යාලයේ නිලධාරියකු පැවැසුවේ ඇමැතිවරුන් පත්කිරීමට අදාළ ගැසට්ටු සියල්ල නිල වශයෙන් ලද විගස නව ඇමැතිවරුන්ගේ නාම දැක්වෙන සේ යාවත්කාලීන කරන බවයි.

නව කැබිනට්ටුව පත්කිරීමේදී ඇතැම් අමාත්‍යංශ විෂය නාම වෙනස් කර ඇති අතර තවමත් අමාත්‍යංශ වෙබ් අඩවි බොහෝමයක් යාවත්කාලීන කර නැත.

 



අදහස් (3)

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇමැතිවරු නෑ

sandy123 Monday, 05 November 2018 01:08 PM

නැතුව එකම වැඩේ දෙපාරක් කරන්නද?

:       0       10

විජිත් Monday, 05 November 2018 02:48 PM

ඇමතිවරු කොහෙද, කවදාද හිටියේ අපේ පාර්ලිමේන්තුවේ...? හිටිය තරම් හිටියේ "අම්බරුවන්" සහ " බඩ තඩි මොලේ නැති ඌරන් සහ ඊරියන් "පමණයි.

:       2       1295

Mahee Tuesday, 06 November 2018 07:50 AM

වෙබ් අඩවියේ විතරක් නෙමෙයි, අපේ හිත්වලත් නෑ. විජිත් කියනවා වගේ කටපුරා ඇමතිතුමා කියන්න පුළුවන් එක මනුස්සයෙක් ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1991 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 627 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site