තරිඳු ජයවර්ධන
2018 ජනවාරි පළමු වැනි දා සිට 2018 ඔක්තෝබර පළමු වැනි දා තෙක් පාර්ලිමේන්තුව පැවැති දින 58 න් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් 200ට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ එක් දිනයකදී බව පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පැමිණීමේ ලැයිස්තුව අනුව පැහැදිලිවේ.
පාර්ලිමේන්තු රැස්වීමක් පවත්වන දිනක වියදම රුපියල් ලක්ෂ 257 කට ආසන්න බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි.
මන්ත්‍රීවරුන් 200ට වැඩියෙන් ආ එකම දිනය වන්නේ 2018 අප්‍රේල් 04 වැනි දා ය. එදින මන්ත්‍රීවරුන් 215 දෙනකු පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වී තිබේ. පැමිණ නැත්තේ මන්ත්‍රීවරුන් 09 දෙනකු පමණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව විවාදය ගත්තේ එදිනය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පැමිණීමේ ලැයිස්තුව සහ පාර්ලිමේන්තුව පැවැති දින ගැන තොරතුරු දැන ගැනීමේ පනතින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එය දැක්වෙන වෙබ් දිගුවක් තොරතුරු නිලධාරියා එවා තිබිණි. එහි ඇති තොරතුරුවලට අනුව 2018 සැප්තැම්බර් 30 අවසන් වූ වසරේ මුල් මාස නවයක කාලයේ දී පාර්ලිමේන්තුව පැවැත්වූ දින ගණන 58කි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් සභාවාරවලට සහභාගී වූ දින ඇත්තේ 19ක් පමණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනාම මෙම වසරේ කිසිම දිනක සහභාගී වී නැත.
පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම දිරිගැන්වීම සඳහා මන්ත්‍රීවරුන්ට සහ අමැතිවරුන්ට දිනකට රුපියල් 2500ක දීමනාවක් හිමිවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට කාර්යාලයක් පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් ලක්ෂයක දීමනාවක් ද දෙනු ලබයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ වැටුප රුපියල් 54285කි. ඊට අමතරව මන්ත්‍රීවරුන්ට සහ ඇමැතිවරුන්ට ඉන්ධන දීමනාවක්ද හිමිවේ. එක් එක් මන්ත්‍රීවරයා තේරී පත්වූ දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර පදනම් කරගෙන තෙල් ලීටර ප්‍රමාණය ගණනය කර මාසයේ පළමු දිනට පවතින වෙළඳපොළ මිළ ගණන් අනුව ගෙවනු ලැබේ. උදාහරණයක් ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මාසයකට ඩීසල් ලීටර 283.94ක් හිමිවේ. ස්ථාවර දුරකතන හා ජංගම දුරකතන සඳහා මසකට රුපියල් 50,000ක දීමනාවක් හිමිවන අතර වසරකට රුපියල් 175000ක වටිනාකමකින් යුත් මුද්දරද ලබා දෙයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සහභාගී වීම පහත වගුවේ දැක්වේ.
| මන්ත්‍රීවරුන් සංඛ්‍යාව | දින ගණන |
| 200ට වැඩි | 1 |
| 150ත් 200ත් අතර | 19 |
| 100ත් 150ත් අතර | 30 |
| 50ත් 100ත් අතර | 7 |
| 50ට අඩු | 1 |
පාර්ලිමේන්තුව පැවැති දින සහ ඒ ඒ දිනවල මන්ත්‍රීවරුන් නොපැමිණි සංඛයාව පහත වගුවේ දැක්වේ.
| දිනය | නොපැමිණි |
| 2018-01-10 | 100 |
| 2018-01-23 | 126 |
| 2018-01-24 | 152 |
| 2018-02-06 | 141 |
| 2018-02-19 | 41 |
| 2018-02-20 | 109 |
| 2018-02-21 | 94 |
| 2018-02-22 | 97 |
| 2018-03-06 | 57 |
| 2018-03-07 | 84 |
| 2018-03-08 | 115 |
| 2018-03-09 | 115 |
| 2018-03-20 | 89 |
| 2018-03-21 | 73 |
| 2018-03-22 | 66 |
| 2018-03-23 | 95 |
| 2018-04-03 | 66 |
| 2018-04-04 | 9 |
| 2018-04-05 | 114 |
| 2018-04-06 | 113 |
| 2018-05-08 | 30 |
| 2018-05-09 | 37 |
| 2018-05-10 | 105 |
| 2018-05-11 | 134 |
| 2018-05-22 | 62 |
| 2018-05-23 | 80 |
| 2018-05-24 | 115 |
| 2018-05-25 | 139 |
| 2018-06-05 | 36 |
| 2018-06-06 | 84 |
| 2018-06-07 | 78 |
| 2018-06-08 | 113 |
| 2018-06-19 | 66 |
| 2018-06-20 | 56 |
| 2018-06-21 | 79 |
| 2018-06-22 | 107 |
| 2018-07-03 | 75 |
| 2018-07-04 | 52 |
| 2018-07-05 | 63 |
| 2018-07-06 | 113 |
| 2018-07-17 | 68 |
| 2018-07-18 | 78 |
| 2018-07-19 | 83 |
| 2018-07-20 | 92 |
| 2018-08-07 | 46 |
| 2018-08-08 | 75 |
| 2018-08-09 | 54 |
| 2018-08-10 | 122 |
| 2018-08-23 | 67 |
| 2018-08-24 | 54 |
| 2018-09-04 | 57 |
| 2018-09-05 | 130 |
| 2018-09-06 | 203 |
| 2018-09-07 | 100 |
| 2018-09-18 | 76 |
| 2018-09-19 | 75 |
| 2018-09-20 | 79 |
| 2018-09-21 | 103 |
COMMENTS
ඔවුන් කරන ජනතා සේවයේ තරම මෙයින් අවබෝධ කරගත හැකියි නේද.?
දිනක වියදම ලක්ෂ 40 යයි. හැබැයි ලංකාව දැනට ආර්ථික දුෂ්කරතාවන්ට මුනදෙනවා. ඉතින් ඔය ලක්ෂ 40 යේ වියදමින් අපිට පොඩි සහනයක් හරි ගන්න බැරිද? හරි වැඩක් කෙරෙන්නේ නැති තැනක් පවත්වා ගෙනයාමෙන් රටට වන්නේ සුගතියක්ද අගතියක්ද කියන එක ගැන හරි විමර්ශනයක් කලොත් හොඳ නැද්ද?
මේවා ගැන කතාකරලා වැඩක් නැහැ, පින් පඩි අරන්, පිනට පැට්‍රොල් ගහගෙන, පිනට කමින් බොමින්, කාලය කන මිනිස්සු.
රටේත් මහජනතාවගේත් අවාසනාවට ඔවුන් විසින්ම නඩත්තු කරන ආයතනයක් හා රටේ දුක් විදින ජතතාවගේ බදු මුදල් වලින් 225 ක් හා ඔවුන්ගේ දරු පවුල් අසීමිත සැපසම්පත් දී නඩත්තු කරයි. අහෝ අපේ කරුමයක මහත.
මේ වගේ වැදගත් තොරතුරු අපේ දැන ගැනීමට දැම්මාට ලංකාදීපයට මාගේ ප්‍රණාමය. මේ අයට හෙණද ඉල්ලන්නද කියලා හිතා ගන්න බෑ. පැමිණීම අනුව පඩි ගෙවන්න තියෙන්නේ.
ඝන පූර්ණය නැතුව දවස් කීයක් පාර්ලිමේන්තුව නැවතුනාද.?
උසස් පෙළ විභාගේ කරන්නත් 80% පාසල් පැමිණීම අවශ්‍යයි. ඒ නිසා මම ඉතා කාලෝචිත සුදුසු යෝජනාවක් විදියට කියන්නේ පැමිණීම 80% ට අඩු මන්ත්‍රීන්ගේ විශ්‍රාම අයිතිය අහෝසි කිරීමට, වැටුප් කපා හැරීමට නීති රීති ගෙන ආ යුතුයි. මොකද මම දැකල අහල තියෙනවා සමහර මන්ත්‍රී ලා මහා ලොකු දෙයක් වගේ ප්‍රසිද්ධියේම කියනව තමන් පාර්ලිමේන්තුවට යන්නේ අවම දින ගණනට විතරයි කියලා.
පාර්ලීමේන්තුවටනාවට කරන්න වැඩ ඕන තරම් මේ අයට තියනවා සමහරු උසාවීගානේ රස්තියාදු වෙනවා තමන්ට තියෙන නඩු වලට පෙනී ඉන්න තව සමහරු අල්ලස් හා කොමිස් මුදල් සොයමින් රස්තියාදු වෙනවා තවත් සමහරු ආණ්ඩූ පෙරළන්න අහුමුලු වල කුමන්ත්‍රණ කරනවා. තවත් සමහරු කෙලවරක් නැතිව විදේශ සංචාරවල යෙදෙනවා. ඉතිං වෙලාවක් කෝ පාර්ලීමේන්තු එන්න.
අපරාදේ පාර්ලිමේන්තුවක් පවත්වාගන යන්න වියදම් කරන මුදල්
පාර්ලිමේන්තුව පුද්ගලීකරණය කරන්න කියලා අගමැති තුමාට යෝජනා කරමු. මොකද එතුමා ඒකට දක්ෂයා නේ.
ප්‍රදාන පක්ෂ 2කෙන් කෝක ආවත් මේ විනාශකාරී ක්‍රමය වෙනස් කරන්නේ නැහැ . රට ට ආදරය ඇති අපි හම්මෝම මීලග ඡන්දෙන් ඔය පක්ෂ 2 කම ඉවත් කරමු
ජනතා සේවයට ගියහම පාර්ලිමේන්තු එන්නේ කොහොමද? ජනතාව ඉන්නේ මන්ත්‍රීලගේ ගම පලාත්වලානේ.
රටට දියුණුවක් වෙන්න නම්, අනිවාර්යෙන්ම මේ ප්‍රධාන පක්ෂ දෙක බලයෙන් ඉවත් කරලා අලුත් පිරිසකට රට භාර දෙන්න ඕනේ. නැත්නම් මේ අය කරන්නේ මාරුවෙන් මාරුවට රට විනාස කරන එක විතරයි. මේ ගැන ජනතාව හොඳින් හිතට ගන්න ඕනේ. 2020 තමන්ට ලැබෙන්නේ අවසාන අවස්තාව වෙන්න පුළුවන්
පාර්ලිමේන්තුව දවල්ට විතරක් තියන්න වියදම ඉතුරුයි එතකොට
එතකොට තෙල් මිල සූත්‍රයේ වාසිය මේගොල්ලන්ට. බොරුවට කියනවා මාසෙන් මාස ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙන බව.