IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන වේලාවන් සංශෝධනය කෙරෙයි

(බන්දුල ඉලේ⁣පෙරුම)

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාල සීමාව අද(22) සිට සංශෝධනය කර ඇත. පසුගියදා පාර්ලිමේන්තු සභාව විසින් ගනු ලැබූ තීරණයක් අනුව අද සිට රැස්වීම් පෙරවරු 10ට ආරම්භ කර පස්වරු 4.30 දක්වා පැවැත්වෙනු ඇත.

කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන දිනවල පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ඊට අවස්ථාව ලබාදී තිබේ.

මීට පෙර පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී අඟහරුවාදා සහ බදාදා දිනවල එම රැස්වීම් ආරම්භ කරනු ලැබුවේ පස්වරු 1ටය. ‍මෙසේ උදෑසන කාලයේත් පාර්ලිමේන්තුව පැවැත්වීම නිසා අමාත්‍යවරුන්ගේ මහජන දිනයද සඳුදාට යොදාගැනීමට පසුගියදා තීරණය කෙරිණි. ඒ බදාදා පැවැති මහජන දිනය හේතුවෙන් ඇමැතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණීමේ අඩුවක් දක්නට ලැබීම ඊට හේතුවයි.

ඒ අනුව අද පෙරවරු 10ට ඇරඹෙන පාර්ලිමේන්තු සභා වාරයේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට නියමිත අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (0)

පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන වේලාවන් සංශෝධනය කෙරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site