IMG-LOGO

පාර්ලිමේන්තු කමිටු 12 ක් අහෝසියි

සුජිත් හේවාජුලිගේ

 

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කරනු ලැබීමත් සමඟ පාර්ලිමේන්තු කමිටු 12 ක් අහෝසි වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

රාජ්‍ය ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව, ගෘහ කාරක සභාව, අමාත්‍යංශීය උපදේශක කාරක සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාව,වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 12 ක කටයුතු මෙසේ අහෝසි වන බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කෙරුණද අංශික අධීක්ෂණ කමිටු, උසස් නිලතල පිළබඳ කාරක සභාව හා තේරීම් කාරක සභාවන්ට තවදුරටත් ක්‍රියාත්මක වීමට අලුත් ස්ථාවර නියෝග ප්‍රතිපාදනයන් පවතින බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. 



අදහස් (1)

පාර්ලිමේන්තු කමිටු 12 ක් අහෝසියි

ravi Thursday, 01 November 2018 12:19 PM

ජනාධිපතිවරයාව අහෝසි වෙන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1714 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 567 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 658 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site