(අජන්ත කුමාර අගලකඩ)
ලබන 16 වැනිදා දක්වා කල් දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 16 වැනිදාට පෙර කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
අයවැය ලේඛනය මේ වනවිට ඉදිරිපත් කිරීමට නියමිත අතුරු සම්මත ගිණුමේ කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ වනවිට සකස් කෙරෙමින් පවතින අතර එය අවසන් වූ වහාම පාර්ලිමේන්තුව කැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් අද (01) ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී පාර්ලිමේන්තුව සැසිවාරය කලින් කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත.
පාර්ලිමේන්තුව ලබන 16 වැනිදාට පෙර කැඳවීමට තමා අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ද එහිදී පක්ෂ නායකයින්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ
දිනේෂ් ගුණවර්ධන,නිමල් සිරිපාල ද සිල්වා , විමල් වීරවංශ,මහාචාර්ය ජී.එල් පීරිස්, වාසුදේව නානායක්කාර,ඩලස් අලහල්පෙරුම,උදය ගම්මන්පිල,චන්ද්‍රසිරි ගජධීර, බැසිල් රජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් සහභාගි වූහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාර්ලිමේන්තුව 16 වැනිදාට පෙර
Nandalal DE SILVA - France Thursday, 01 November 2018 02:22 PM
ඔන්න ටික ටික මොළේ පෑදීගෙන එනවා වගෙයි, මේ කට්ටියගේ ! පාර්ලිමේන්තුව කැඳවීමේ දිනය ලංකරගෙන, දල්වපු ගින්න නිවා දැමීමට උත්සාහ කිරීමත් එක අතකින් බලාගෙන යනකොට කරපු මෝඩකම්වල යථාර්තය පමාවී හෝ තේරුම් ගිය එක නරක නැහැ.