IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව 14 කැඳවන ගැසට් නිවේදනය නිකුත් වේ

තරිඳු ජයවර්ධන

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ලබන 14 වැනි දා කැඳවන බව සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය අද සවස නිකුත් විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවේ පසුගිය 27 වැනි සෙනසුරාදා ය. පාර්ලිමේන්තු සැසිය කල් තබන ලද ගැසට්ටුවේ සඳහන් වූයේ අලුත් සැසිය ‍නොවැම්බර් 16 වැනි දා කැඳවන බවයි.

පාර්ලිමේන්තු සැසිය කල් තැබීමෙන් පසු ඊට බොහෝ දෙනකුගේ විරෝධය එල්ල විය.  

කෙසේ වෙතත් අද ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ 14 වැනි දා පෙරවරු 10ට පාර්ලිමේන්තුව කැඳවන බවයි. 



අදහස් (9)

පාර්ලිමේන්තුව 14 කැඳවන ගැසට් නිවේදනය නිකුත් වේ

ජයරත්න Sunday, 04 November 2018 03:45 PM

ඔක්කොම එකතුවෙලා ජනාධිපති ක්‍රමය අහෝසි කරල මන්ත්‍රී කමට උපාධියක් තිබීම අනිවාර්යය කරමු. මේ වෙන දේවල් බලන් ඉන්නත් ලැජ්ජයි.

:       0       23

indika Sunday, 04 November 2018 04:48 PM

ලෝකේ වටෙන්ම බලපෑම් එන නිසා ලෝකෙට පෙන්න දවස් දෙකක් ඉස්සරහට අරන්. ඕවා කරලා ඉස්සරහට යන්න බැහැ.

:       0       0

sirimal Sunday, 04 November 2018 04:56 PM

අද අපේ රටේ වැදගත්ම වචනය බවට පත්ව ඇති "බහුතරය" තවම සම්පුර්ණ නැති බව හෝ අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ප්‍රමාදයක් ඇති බවද මෙයින් ගම්‍ය වෙන්නේ?

:       0       0

කරුණාපාල Sunday, 04 November 2018 05:32 PM

මේ ගැන කවුරුවත් කලබල විය යුතු නැහැ.

:       0       0

sam Sunday, 04 November 2018 08:19 PM

මට නම් පේන්නේ තවමත් ආණ්ඩුවට බහුතරය ගන්න බැරිවෙලා වගෙයි.

:       0       0

Nishantha Monday, 05 November 2018 02:36 AM

බහුතරය නැහැ වගේ තවම.

:       0       0

shan saudi Monday, 05 November 2018 06:35 AM

තාම 113 හද ගන්න බැරි වෙන්න ඇති තව කෝටි හයක් විතර ගෙවන්න බලාපොරොත්තු වෙනවද?

:       31       12

sirimal Monday, 05 November 2018 08:10 AM

එජාපයට දෙමල සන්ධානයේ, හකීම් සහ බදුර්දීන් පාර්ශවයේ සහයෝගය තිබේ නම් මහින්ද පාර්ශවයට කොහෙන් හෝ තව 18 දෙනෙකු බාගැනීමට සිදුවේවි... හකීම් බදුර්දීන් මහින්දට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ස්ථාවරය වෙනස් කර නැති බව අද කියා තිබුණා. ඊයේ අපට අසන්නට ලැබුණා දැනට ලෝකය පුරා ප්‍රධාන මාධ්‍ය සියල්ලක් මඟින් ප්‍රසිද්ධියට පත් කර ඇති එහෙත් තවමත් ලංකාවේ බොහෝ මාධ්‍යයන් නොදැක්කා මෙන් ඇහැ කන පියාගෙන සිටින විදේශ රටවල රාජ්‍ය නායකයින් අතර කතාබහට ලක්ව ඇති මුදලට මන්ත්‍රීන් බිලිබා ගැනීම සම්බන්ධ සුප්‍රකට හඬ පටයක " ගේම දැන් ඇතහැරලා තියෙන්නේ.... සල්ලි ගත්ත සමහරු ස්වාධීන වෙනවා. සමහරු ආපහු යනවා. දීපුවත් නෑ. මොකවත් නෑ " කියනු ඇසුණා. මේ කතාව අැත්තක් නම් මහින්දයා ගොඩ එන්නට 18ටත් වැඩිය අවශ්‍ය වේවි. අද කතා නායකවරයා කියන්නේ "එක් පාර්ශවයක් බහුතරය පෙන්වන තුරු හිටපු තැනම කියලයි. අද පවත්වන කොළඹ ජන බලය ඝෝෂාකාරී කයිවාරුවක් වෙනු නොඅනුමානය. දැනට අරලියගහ මන්දිරයේ සිද්ධ වෙන්නාක් මෙන් පාර්ලිමේන්තු වටරවුමට එකතුවෙන ජනගංගාව එතන අරක්ගන්නටද බැරි නැත. මේ අප්‍රසන්න දේශපාලන මඩ ගොහොරුවේ අවසානයක් ඉක්මණින් දකින්නට නොලැබෙන බවයි පෙනෙන්ට ඇත්තේ...

:       61       18

nimal Tuesday, 06 November 2018 03:12 AM

අවුරුදු 60 ක් 70 ක් රැස් වෙලත් ඔය පාර්ලිෙම්න්තුව විසදපු ප්‍රශ්ණයක් නැහැ. ඕක රැස් වුණත් එකයි නැතත් එකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 576 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 331 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site