IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව වටා දියවන්නාව මඩවලින් පිරිලා

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව වටා ඇති දියවන්නා ඔයේ පතුල මඩවලින් පිරී ඇතැයි ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

දියවන්නා ඔයේ ඇල්ගී අධික ලෙස වර්ධනයවී ඒවා එහි පතුලේ තැන්පත් වීමෙන් මෙම මඩ සහිත තත්ත්වය ඇති වී තිබෙන බවත් එම මඩ සහිත උපස්තරයේ විවිධ ක්ෂුද්‍ර ජීවීන් අධි වර්ධනය වීම නිසා විෂ සහිත රසායන නිකුත් වෙමින් තිබෙන බවත් පෙනී ගොස් ඇත .

දියවන්නාවේ ඇල්ගී මෙසේ වර්ධනය වී ඇත්තේ එම ජලයේ නයිට්‍රිජන් හා පොස්පරස් සාන්ද්‍රනය ඉහළ යෑම නිසා යැයි පර්යේෂකයෝ සඳහන් කරති.

මේ විෂ සහිත පරිසර තත්ත්වය නිසා දියවන්නාවේ මත්ස්‍යයන් බෝවීමද අඩාල වී ඇතැයි පැවසේ.

දියවන්නා ඔයේ පරිසර දූෂණය පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කාර්ය සාධක බලකායක් පසුගියදා පත් කරනු ලැබීය. මෙම බලකාය පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය ලැබිණ .

 



අදහස් (7)

පාර්ලිමේන්තුව වටා දියවන්නාව මඩවලින් පිරිලා

සනත් ඉතාලිය Sunday, 02 May 2021 11:35 AM

අහන්නත් දෙයක්ද? ඕක තනිකරම මඩ ෆැක්ටරියක්නේ. ඒ පැත්තෙන් මේ පැත්තටත්, මේ පැත්තෙන් ඒ පැත්තටත් ගහන්නෙම මඩනේ...

:       0       0

Wca Sunday, 02 May 2021 12:46 PM

නයිට්‍රජන් පොස්පරස්, ඕවා දියවන්නවේ හරක්ට කොහොම තේරෙයිද දන්නේ නෑ...

:       0       0

Raveendra Sunday, 02 May 2021 01:10 PM

"අසුචිමේන්තුවට" ඔය මඩ ටිකක් අාවට මක්වෙනවද?

:       0       0

ksc Sunday, 02 May 2021 01:27 PM

අපෝ, පාර්ලිමේන්තුවේ 225 අනඅනා ගහගන්න මඩවල හැටියට ඒක පුදුමයක්යැ...

:       0       0

Nihal Sunday, 02 May 2021 04:06 PM

එතැන ඉන්න අයට විෂ සහිත විෂබීජ වර්ධනය වේවා..

:       0       0

Asa Monday, 03 May 2021 01:58 AM

දියවන්නා මොන්ටිසෝරියේ ළමයි ටික ගහගත්තු මඩවලින් වෙන්නැති.

:       0       0

ප්‍රනීත් Monday, 03 May 2021 03:28 AM

225 දෙනාගේ මඩ ගහගැනිල්ල නිසා දියවන්නාවට මඩ එකතු වෙනවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 150 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 628 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1036 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site