IMG-LOGO

පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

නාලක සංජීව දහනායක
 
පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව නව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (1) පැවසීය.


තමන් අගමැති තනතුරට පත්වීම සම්බන්ධයෙන් නොයෙක් දෙනා නොයෙක් ප‍්‍රකාශ නිකුත් කරන බැවින් රටට හා ජාත්‍යන්තරයට ද කතා කිරීමට දැන් කාලය උදාවී තිබෙන බවද අග‍්‍රාමාත්‍යවරයා කීය.


මුදල් අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කරල මම ප‍්‍රකාශයක් කළා. නොයෙක් දෙනා නොයොක් ප‍්‍රකාශ කරනවා. රාජ්‍ය නොවන සංවිධාන වලින් වැටුප් ලබන පිරිස් විවිධ ප‍්‍රකාශ කරනවා. 


ඒනිසා අපේ රටට විතරක් නෙවෙයි ජාත්‍යන්තරයටත් කතා කරන්න දැන් වෙලාව ඇවිල්ලා තිබෙනවා. පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව රජයේ වැඩපිළිවෙළ පිළිබඳව විශේෂ ප‍්‍රකාශයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. 


කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය සමඟ අද (1) පැවැති සාකච්ඡාවේදී අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 



අදහස් (2)

පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

sirimal Thursday, 01 November 2018 11:44 AM

පනත් සම්මත කරගන්න චන්ද ගන්න වෙනකල් බලාගෙන හිටියොත් ගෙම්බෝ ටික පැනල ඉවරවෙයි. සඳුදා වෙනකොටත් කීයක් පනීද කියන්න බැහැ. කොහොම උනත් ඔන්න කාට හරි බහුතරය පෙන්වන්න පුලුවන්නම් හොඳම අවස්තාවක් උදාවෙන්නයි යන්නේ. මේ කතාව පටන් ගන්නකොටම නැඟිටලා එලියට ගියානම් වැඩේ හරි. අපි බලමු එහෙම වෙයිද කියල. හැබැයි ගුටු කෙලි සංදර්ශනය පටන් ගන්න කලින්. හරිද?

:       0       0

bamunuaarachchi Thursday, 01 November 2018 01:31 PM

දැන් ඔක්කොම හරි. අන්ධකාරය දුරුවෙලා රටට ඉර පායලා තියනවා. මුහුණ දැක්කත් ඇති මගේ දෙය්යෝ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 32 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site