
(දයාසිලී ලියනගේ)
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයට පසුගිය දිනෙක ලැබුණු ආහාර වේලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයම මහත් නොසතුටට පත්ව සිටින බව වාර්තා වේ.
පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල පස්වරු 5.00 ට පමණ දෙනු ලබන සවස තේ වේල එදින පස්වරු 6.00 දක්වා ප්‍රමාද කර තිබේ. පසුව පාන් සමග සැමන් සම්බෝලයක් දීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයෝ මහත් අප්‍රසාදයට පත්ව සිටිති. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන් අතර මස් - මාළු හෝ උම්බලකඩ ආහාරයට නොගන්නා අය බොහෝ දෙනකු සිටින බැවින් ඔවුන්ට සිදුවී ඇත්තේ පාන් පමණක් ආහාරයට ගැනීමටය.
පාර්ලිමේන්තු රැස්වීම් රාත්‍රී 8.00 වනතුරු පැවැත්වෙන්නේ නම් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට රාත්‍රී ආහාර දිය යුතු යයි නියමව ඇත. එහෙත් මෙම පාන් සහ සැමන් සම්බෝලය දුන් දා රාත්‍රී 9.00 වන තුරුත් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වී තිබේ.
සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ පාර්ලිමේන්තු රැස්වීම රාත්‍රී වන තුරු පැවැත්වෙන්නේද යන්න පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයෙන් විමසා බලා අවශ්‍ය පරිදි රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමයි. එහෙත් එදින එවැන්නක් සිදු නොවීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවයකන් රාත්‍රී 11.00 ට පමණ නිවසට යන තුරුම කුසගින්නේ සිටීමට සිදුවී තිබේ.
දිනකට රුපියල් ලක්ෂ ගණනක් අපතේ යවන පාර්ලිමේන්තුව තම සේවකයන් කෙරේ දක්වන නොසැලකිල්ල සම්බන්ධයෙන් ඔව්හු කළකිරීමට පත්ව සිටිති.

COMMENTS
පාන් නෙමෙයි දෙන්න ඔනෙ... පුන්නක්කු... !!!
මෙ අයට වැඩ කරනවාට පඩි දෙන්නේ නැද්ද?හිඟන්නෝද? මහජන මුදල් නාස්ති වෙන විදිය පේනවා නේද?
සම්බෝලයක් වගේ දුන්නා නම් හැමෝටම කන්න තිබුනා නේද ?
පාර්ලිමෙන්තුවේ වැඩ කෙරුවා කියලා අනික් රාජ්‍ය සේවකයන්න වඩා වැඩි දෙයක් එයාලට කරන්නේ ඇයි?
පාන් කෑල් අද දුන්නට ඉස්සරහදී ලැඛෙන්නේ වතුර විතරයි. ඒකටනේ ඔයාලා ගිහින් තැපැල් ඡන්දෙ දැම්මෙ.... තව කතාවක් කියන්න ඔනේ මිහින් ලංකා කියලාගුවන් ගමන් තිබුණා මතකයිනේ.... අනේ දඹදිව යන අපේ උපාසක අම්මලාට වතුරයි, පරිප්පු හොදියි බත් හැන්දක් විතරයි. මමත් ගිය කෙනෙක් ... මම නම් කෑවෙ නැහැ .
යකෝ නිකම් හරි පාන් හම්බවුණු එක ගැන සතුටු නැද්ද? සල්ලි නාස්ති වෙන තැන තවත් සල්ලි නාස්ති කළ යුතුද?
අනේ මරු කෑම මොකද ඉදල හිටල කෑවම, රටේ වැඩි දෙනෙක් කුඩා ළමයි ඇතුලුව ඕව තමයි කන්නෙ...
තුන් වෙලෙන් එක වෙලක් කන විදිහ ගැන හිතාගන්න බැරි මිනිස්සු එඉන්න රටෙ වෙලක් වැරදුණා කියලා අඩන මිනිස්සු...
දේවිත් ආවා වගේ....
මාර නිව්ස් එකක්නෙ ..
දැන් සැපද?
සමහර අයට දැන් පාන් කියාගන්න බැරි තත්වයක් තියෙනකොට .... මෙ ගොල්ලො කන්න පාන් ලැබුණාම ඒකට නහයෙන් අඩනවා. ඒ වගේම දැන් රටෙ තියන මිල අනුව , සැමන් ටින් එකක් ගන්නවා කියන්නේ ලොකු වෙනසක් නේද? පාර්ලිමෙන්තුවෙ වැඩකරන නිසා වෙන්න ඇති මෙ අයට මෙවැනි හොද පොටක් පෑදිලා තියෙන්නේ. ඉතින් ඔකට කන් කෙදිරි ගාන්න ඔනද?
අපිට නම් පාන් කියාගන්නවත් බැහැ.
අනේ ඔක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි.... රටෙ බොහෝතැන් වල මිනිස්සුන්ට පාන්වත් කන්න නැහැ. මෙච්චර වරප්‍රසාද ගන්න අයට ඔක ඔච්චර දෙයක් නොවෙයිනේ... !!!
ඔය මහ දන්සැලෙන් 100ක් දීලා කන්න බැරිද? හැමෝම නිකන් කන්නයි බලන් ඉන්නේ... රට ගේන හිතලා නිලධාරීන් වැඩ කළා නම් මෙ රටට මෙහෙම වෙන්නේ නැහැ.
මන්ත්රීලාට කේක්.., සේවකයින්ට පාන්.... මහජනතාවට හුළං...
රටේම ශාපය වදින තැනක්නේ ඔය. ඔතන ඉන්න සේවකයොත් මහ කාලකණ්ණි ටිකක්. කන්න බැරි නම් ගෙවල්වලින් ගිහින් කන්න. මේකත් ඇවිල්ලා පොඩි ප්ලැන් එකක් වෙන්න බැරි නෑ...
"කිසියම් හෝ දවසක" අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත්කර ගැනුමට හැකි නම් දියවන්නාව පට්ටියට තේරෙන කිසිදු මහජන නියෝජිතයකුට රටෙ පුරවසියනට ලැබෙන පහසුකම්වලට අමතරව කිසිදු පහසුකමක් හෝ වරප්‍රසාදයක් නොලැබෙන බවට... අන්න එදාට 225ම ලගම තියෙන වනයට පලා යනු නියතය.. එවිට පට්ටියේ පිරිසිදු කිරීම, වසුරු සුද්දකිරීම් (ගොම) , මි හරකුන් නෑවීම සදහා යොදවා තිබු ගොපල්ලන්ටද කොට්ට මෙට්ට කද බැදගෙන ගම්බිම් යාමට සිද්ධ වෙනු ඇත. එමගින් ගොපල්ලන්ටද අනේ අපිට අද දුන්නේ රෝස් පාන් සහ උම්බලකඩ මිශ්‍ර පොල්සම්බෝල යයි හොටු පෙරමින් අදෝනා නැගුමට අවශ්‍ය නොවෙනු ඇත. වෙනත් වචන වලින් සදහන් කරන්නේ නම් නිකං ලැබුණු දියබරියන්ගේ ඇත් දළ කීයක් තිබේද ගණන් කිරීමට අවශ්‍ය නොවෙනු ඇත. මෙම අදහස් සියලුම පුරවැසියන්ට කිසිදු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනයයි.. !!!
අනේ මෙහෙමත් සක්කිලි, පාන්වත් ගන්න සල්ලි නැතිව කුලියක් කරගන්න නැති මිනිස්සු කොච්චර දිනපතා හුළං බොනවද? මොන සක්කිලිද මෙ?
මෙ අයට රෝස් පාන් කන්න තිබ්ඛෙ....
ඔිවා ප්‍රශ්නද...? තව කොච්චර ප්‍රශ්න තියන මිනිස්සු මේ රටේ ඉන්නවද ?...වේලක් නොකා හිටියට මැරෙන් නෑ...
මේ ආයතනයේ වැඩකරන අතිබහුතරයක් ලබන වරප්‍රසාද ප්‍රමාණය කියා නිමකල නොහැකියි. වේලක් එහාමෙහා වුණා කියලා මේ නහයෙන් අඩන්නේ ඒ ලබන වරප්‍රසාද වලට ඇබ්බැහි වීම නිසායි. මම දන්නා තරමින් සෑම වර්ශයකදීම පාර්ලිමේන්තුවේ වියදම් සදහා වෙන් කරන මුදල් වලින් වර්ශය අවසානයේදී කිසිදු ඉතිරි මුදලක් ආපසු හරවා යැවීමක් නැහැ. සේවක සුභසාධනයට අවශ්‍ය දේපළ මිලට ගැනීමට, පසුගිය වසර ගණනාවකට බලපාන පරිදි වැටුප් වැඩිවීම් ලබාදීම වගේ වියදම් තුලින් එම මුදල් සියල්ල වියදම් කරනවා. ස්වාධීන ආයතනයක් නිසා මෙයාලාගේ වැටුප් වැඩිකිරීම අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිමාණ සමග ගැටීමක් නැහැ මගේ දැනුමේ හැටියට නම්. වැටුප් වැඩි කිරීම් වලදි අඩුම වැටුපක් ලබන සේවකයාගේත් arrears එක රුපියල් විසිතිස්දාහක් වුනා 1990 ගණන් වලදි. හිතාගන්න පුලුවනිනෙ එතකොට වරප්‍රසාද වල තත්ත්වය. එහෙව් අය තමයි මේ පාන් දුන්නා කියලා අඩන්නේ. මස් මාලු නොකන අය බඩගින්නේ හිටියා උනත් එකවේලක් බඩගින්නේ හිටි අයෙක් ඒ හේතුව නිසා මියගියා යැයි ඇසූ කෙනෙක් කොහිවේද?
සියලු වරප්‍රසාද සමඟ පාන් අපිට බදු සමග හුළං හොදයි නේද?
හෙට ඉදලා සැමන් නොදී පාන් සමග පරිප්පු දුන්නා නම් ප්රශ්නය විසදෙනවා.
මේ හොයියෝ හොටු පෙරාගෙන කෑම ගැන අධෝනා නගනකොට කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ මේ සුන්දර ගීතයේ පද පේලි කීපයක් මතක් වෙනවා..." ගමට කලින් හිරු මුළු තැන්ගෙට වඩනා....ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුන...."අපි වැඩි දෙනෙකුගේ අම්මලා මෙහෙම දුක්විදල තමයි අපට ඉගැන්නුවේ... කාටවත් අත නොපා පිනට ගිලින්නේ නැතුව අනුනට කරදරයක් නොවී ජිවත් වන්නට... අප දියවන්නාවේ මේ "නෝනලා මහත්තයලාට කාරුනිකව මෙසේ කීමට කැමැත්තෙමු. අප තරයේ විශ්වාස කරනවා තමන් දුක්මහන්සි වෙලා හම්බකරන මුදලින් පොල්සම්බෝලයි බතුයි ගෙදරින් හදාගෙන ගෙනත් කන එක කොතරම් ආඩම්බරද අහිංසක මහජනතාවගේ බදුමුදල් වලින් පිනට රෝස්පාන් කනවට වඩා...
එක දවසක් පාන් කාලා කම්ප්ලේන්.... පානුත් නැති අහිංසක මිනිස්සු කීයක් ලංකාවෙ ජීවත් වෙනවද?මෙ වගේ හොර හරක්..
පාන් නොකා බඩගින්නේ හිටියත් මොකද? අද එක වේලක් කාලා ඒකත් ලෙවකාලා වගේ කී දෙනෙක් ජීවිත ගෙවනවද?
ඔබට මතකද හිටන් මහත්තයා යන සුරතල් නමින් හදුන්වන හිටපු ජනාධිපති සිරිසේන ලොක්කා, ඔහුගේ බිරිද විසින් පිළියෙළ කළ කෙසෙල් කොළයක ඔතාදුන් බත්මුල ජනාධිපති කාර්යාලයට ඇවිත් අනුභව කළේ මොකද කියලා..? රජයෙන් දෙන පාන් සමග සැමන් සම්බෝලය කෑමට එයාට වුණත් එපාවී තියෙන්න ඇති. ඒකයි එයා පාන්, සැමන් සංයෝගය වර්ජනය කළේ..