IMG-LOGO

පාර්ලිමේන්තුව කල්තැබීමට ජනාධිපතිට ඇති බලය වෙනස් කළ යුතුයි


(අංජුල මහික වීරරත්න)


පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමට ජනාධිපතිවරයාට ඇති බලය වෙනස් කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවකදී අද (04) පැවැසීය.


කතානායකවරයාගේ ලිඛිත අවසරයක් ඇතිව පමණක් එවැනි කල් දැමීමක් කළ හැකි ආකාරයට යෝජනාව ඉදිරිපත් කරන බවද නවීන් දිසානායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය පාවිච්චි කළ යුත්තේ ඉතා සෝදිසියෙන් බව කී දිසානායක මහතා අද ඔහු එම බලය ඉතා අයුතු ලෙස භාවිත කරමින් සිටින බවද පැවැසීය.


කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.



අදහස් (9)

පාර්ලිමේන්තුව කල්තැබීමට ජනාධිපතිට ඇති බලය වෙනස් කළ යුතුයි

ගල්කටස් Sunday, 04 November 2018 09:30 AM

මම හිතන්නේ ඔබ රට එක්සත් ජාතික පක්ෂය බාරගන්න ඉන්න නායකයෙක් වශයෙන් දැන් නිහඬව ඉන්න... දුවන කෝච්චියට බෙල්ල තියන්න එපා මහත්තයෝ... හරි හෝ වැරදි වුනත් ජනාධිපතිවරයා කර අැත්තේ මේ වෙලාවේ කළයුතුම දෙයයි. හැරිලා බලන්න ඔබ කලදේ හරිද කියා...? වැරදි නිවැරැදි කිරීමට ඔබ දායක වුනේ නැහැ... දැන් බෙරිහන් දුන්නට වැඩක් නැහැ. කරුණාකරල මහා මැතිවරණයක් ජනවාරි පවත්වන්න. ජනතාව දේවි නියම උත්තරය....

:       354       615

Ruwan Sunday, 04 November 2018 09:36 AM

ඒ කියන්නේ දැනට බලය තියනවනේ? කල් තබපු එක නීත්‍යානුකූලයිනේ? බලය නැති වූ දවසට එ්ක බලාගනිමු. බුදු සරණයි, දෙවි පිහිටයි ඔබතුමාට. පාරේ දකුණු පැත්තෙන් අයින්වෙලා යන්න.

:       108       414

Saman Sunday, 04 November 2018 09:51 AM

ළමයෝ, 2015 ජනවාරියේදී ඕක කරපු වේලාවෙත් විරුද්ධ වෙන්න තිබුණානේ...

:       10       165

angelo nugara Sunday, 04 November 2018 09:54 AM

1978 ඔබගේ පියාගේ කාලේ ජනපති ජේ.ආර්. හැමදෙයක්ම කලේ එජාප එකට වාසි වෙන විදියට... දැන් භූමරංගයක් වී තිබේ...

:       82       268

Ratne Sunday, 04 November 2018 10:01 AM

එ.ජා.ප. 2015 දී ලැබුණු බලය අවභාවිත කරමින් රටට ඉතා අහිතකර ආකාරයෙන් කටයුතු කරමින් සිටියදී, ජනපතිතුමා ඔහුට ඇති බලතල අනුව කටයුතු කර තිබෙන්නේ... විධායක ජනපති බලතල වල වටිනාකම දැනුයි හොඳින් පෙනෙන්නේ. මේ වනවිට පාර්ලිමේන්තුවේ 113ට වැඩි පිරිසක් මහින්දට අකමැති වුණත්, රට තුළ 65% වැඩි පිරිසක් රනිල් මහතාගේ ප්‍රතිපත්ති වලට විරුද්ධ මෙන්ම මහින්ද මහතා අගමැති වීම රටට හිතකර බව විශ්වාස කරනවා. මේ මොහොතේ රටට ආදරය කරන එ.ජා.ප. මන්ත්‍රිතුමන්ලා කල යුත්තේ රටට විරුද්ධව විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් බලවේග උසිගැන්වීම වෙනුවට, ජනතා මතය උරගා බැලීමට මහ මැතිවරණයක් ඉල්ලා සටන් කිරීමයි.

:       8       394

sandySunday, 04 November 2018 12:26 PM

නරකද මහ මැතිවරණ කාල පරිච්ඡේදය අවුරුදු දෙකක් කළොත්...? එ්කටනේ ආස... මහත්තයෝ ටික කලකින් ආණ්ඩුව එපා කිය කියා ඡන්ද තියන්න ගත්තොත් අපිට කාගේ පිහිට පතන්නද දන්නේ නැහැ...? ඡන්ද තියන්න භාවිතා වෙන්නේ අම්මා තාත්තගේ දේපල නෙමේ... දහදිය මහන්සියෙන් හම්බ කරන අපේ සල්ලි. ඡන්ද ඉල්ලන්නෙත් කාගේ වුවමනාවටද? ප්‍රාදේශීය ඡන්දය දින්න නිසයි මේ දඟලන්නේ... හිතන්න පළාත් සභා ඡන්දය පවත්වන්න ජනාධිපතිතුමා උනන්දු වුනේ නැත්තේ ඇයි කියලා...? වෙනම ඉල්ලුවානම් ඇඩ්රස් නැහැ එ්කයි. එජාපය එකට විතරක් බැනලා හරි යනවද? මේවා ඔක්කොම මාස්ටර් ප්ලෑන්. දිය යටින් ගින්දර ගෙනිහින්. දැන් ඡන්ද තියන්න බලන්නේ දෙකම එකතු වුණු නිසා. නැතිනම් කීයටවත් ඡන්ද නැහැ. එජාප නායකත්වය ගැන අපිටත් විවේචන තියෙනවා. නමුත් ජනාධිපති වෙන්න දැන් (මහින්දගේ) ආණ්ඩුව කියන උදවිගෙන් කීයෙන් කීදෙනාද උදව් කලේ? බල්ලෙකුට කෑම වේලක් දුන්නත් මීට වඩා වටිනවා. කෑම වේලක් දුන්න මනුස්සයව හපා කන්නේ නැහැ...

:       387       130

asokaSunday, 04 November 2018 02:14 PM

ප්‍රජාතන්ත්‍රවාදය දියුණු රටවල කුමන හෝ මැතිවරණයක් පැරදුණොත් අගමැති ඉල්ලා අස්වෙලා එම පක්ෂයේම වෙනකෙනෙකුට අගමැතිකම දෙනවා. පසුගිය ඡන්දෙ පැරදුණු වෙලාවේ එහෙම කළානම් අගමැති කම තාම එජාපයට තියෙනවා..

:       4       77

Sunil Sunday, 04 November 2018 10:07 AM

ජනතාව පාලිමේන්තුව පත් කරනවා නම්, ඒ පත්කිරීමේ බලය ඇත්තේ ජනතාවට නම්, එහි සිටින්නේ ජනතා නියෝජිතයින් නම් පාර්ලිමේන්තුවෙන් පිටත සිටින කෙනෙකුට එය කල් තැබීමට ඉඩ නොතැබිය යුතුයි. එය කල්තබනවා නම් ජනතා නියෝජිතයින්ගේ අවසරය ඇතිව එය කළයුතු වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේවා කරන්න මතක්වෙන්න මේ වගේ අභාග්‍යයක් වෙනතුරු බලාගෙන ඉන්නේ කියන එකයි.

:       312       110

NASRUDIN Sunday, 04 November 2018 01:44 PM

ගරු ගාමිණී දිසානායකගේ කාර්ය සාඵල්‍යත් මෙයාගේ කාර්ය සාඵල්‍යත් අහසට පොළව වගේ... එජාපයේ ජාතික සංවිධායක හැටියට මොනවද කරන්නේ? බයිලා නෙමෙයි අප්පච්චිගේ පුතෙක් කියලා කියන්න වැඩ පෙන්නන්න...

:       78       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 28 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2164 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 671 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site