IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පාර්ලිමේන්තුව කැඳවන්න’යි කථානායකගෙන් ජනපතිට තවත් ලිපියක්

(තරිදු ජයවර්ධන)

රට අර්බුදයකට යාමට ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පාර්ලිමේන්තුව වහා කැඳවන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට හා බහුතරය ස්ථාපිත කිරීමට වහා පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ හතරක් තමාගෙන් ඉල්ලා ඇතැයිද එම ලිපියේ සදහන් වෙයි.

එම ඉල්ලීම ඉටු කිරීමට නම් පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇති පක්ෂයට බලය පැවරිය යුතු බවත් එසේ නොකරන්නේනම් එය ප්‍රජාතන්ත්‍රික අයිතිය පැහැර හැරීමක් බවද කතානායකවරයා සදහන් කරයි.

දින 18කින් පාර්ලිමේන්තුව අක්‍රීය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය සදහා වරම්ලබාගත් ජනපතිවරයා අතින් සිදුවීම විශ්වාස කළ නොහැක්කක් බවද කතානායකවරයා එම ලිපියෙන් දැනුම් දී ඇත.



අදහස් (9)

පාර්ලිමේන්තුව කැඳවන්න’යි කථානායකගෙන් ජනපතිට තවත් ලිපියක්

Samathasena A . Aluthgamage. Tuesday, 30 October 2018 08:03 AM

සත්‍ය වශයෙන්ම ජනාධිපතිවරයා බහුතරයේ කැමැත්ත පරිදි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව කැඳවිය යුතුමයි. එසේ නොකරන්නේ නම්, තමන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීම නීතිගරුක කතානායක වරයෙකුගේ වගකීමයි. යම් හෙයකින් ජනාධිපතිවරයා නීති විරෝධීව හෝ ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන්නේ නම් එය ඔහු ඔහුටම විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රතිවාදීන්ට උදව් කිරීමක් බව පෙනීයන කරුණකි.

:       101       563

BamunuarachchiTuesday, 30 October 2018 05:06 PM

මේගොල්ලෝ දින 24ක් පාර්ලිමේන්තුව වසා තිබ්බාම ඔය කතා කීවේ නැහැනේ. මොකක්ද ඔය අලුත් අනුකම්පාව? දවස් 11 නේ ඉවසාගෙන ඉන්න. 16 වෙනිදා අයවැය ගෙනාවාම එය පරද්දන්න. එවිට ආණ්ඩුව විසුරවා හැර ඡන්දෙකට යන්න පුළුවන්. එවිට ඔබලාගේ ජන බලය පෙන්වන්න.

:       0       0

Amila 1.Wednesday, 31 October 2018 12:50 AM

මෙතනට අවශ්‍ය ජන බලයක් නැහැ. මධ්‍යස්ථව ඔහු පවසා ඇත්තේ සත්යයයි. එදා අප්‍රිය සිරිසේන අද ප්‍රිය වෙලා... ඔහොම තමයි පුහුදුන් අයගේ හැටි. කටවල් දෙකයි.

:       0       0

Ruwan Tuesday, 30 October 2018 08:05 AM

කොමිස් ගහන ඒවා අහුවෙනකොට, මහා බැංකුව කොල්ල කනකොට, ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ අහුවෙනකොට, රටේ සම්පත් අනු නම අව්රුදුවලට බදු දෙනකොට , තමන්ගේ ඥාතීන් පොල්, ගම්මිරිස් වියට්නාමෙන් ගෙන්නලා හොර ප්‍රමිති සහතික ගහල ලංකාවේ නමින් විකුණලා ලංකාවේ අපනයන ආර්ථිකය විනාශ කරනකොට ඔය යහපාලනයේ කට කොහෙද තිබුණේ?

:       891       554

AsankaTuesday, 30 October 2018 10:20 AM

එ්කට දැන් ගෙඩි පිටින් චීනෙට දෙන්න පුළුවන්... මහින්ද යනු චීන නියෝජිතයා නිසා, ටිබෙටයට වූ දේ අපටත් වුණා එහෙනම්...

:       0       0

nishantha Tuesday, 30 October 2018 08:10 AM

මොලේ විකාර වෙච්ච ජනධිපති කෙනෙක්ට මොනා කිව්වත් තේරෙයිද? ජාත්‍යන්තරව රට මිලේච්ච දේශයක් බවට පත්වේගන යනවා...... දෙසැම්බර් සිට එන සංචාරකයෝ දැන් වෙන රටවල් හොයනවා යන්න, ඇත්තටම දින සියයක් කියල පොරොන්දු වුණේ නැත්තන් අපි කීයටවත් ඡන්දෙ දෙන්නෑ

:       51       298

BamunuarachchiWednesday, 31 October 2018 12:12 AM

හලෝ මෙච්චර කල් රට කෙරුණ විදිහ ජනාධිපතිතුමා තම කතාවේදී කිව්වා නේද? ඇයි කව්රුවත් එ් කතාවේ කියැවුණු දේ බොරුයි නොකියන්නේ.. ඒ කියූකතා සහතික ඇත්ත බව මේ රටේ ජීවත්වුණු අපි සියල්ලන්ම දන්නවා. අපි රටට ආදරය කරන පුරවැසියෝ නම් ඇයි තවත් රනිල්ව නායකයා කරගන්න හදන්නේ? ඇයි රනිල් අර බැංකුව හොරා කෑ විදේශිකයා බේරාගන්න හදන්නේ? එ්කට පිළිතුරු දෙන්න. එජාප කාරයෙක් විදිහට නොවෙයි, ලංකාවේ පුරවැසියෙක් විදිහට හිතන්න.

:       0       0

BamunuarachchiWednesday, 31 October 2018 12:15 AM

ඔහෙලා වගේ මැට්ටෝ ඉන්නකම් රනිල්ලා වගේ අයට රජ මගුල්... ඉතුරු බැංකුටිකටත් කෙලවෙනකම් ඉන්න.

:       0       0

samantha Tuesday, 30 October 2018 10:50 AM

44 තියාගෙන රනිල් අගමැති වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම රැකිලා. ඡන්ද නොතියා ඉන්නකොට තරු 5 ප්‍රජාතන්ත්‍රවාදය ලැබෙනවා. අනේද කට මෙයා නින්දෙන් ඇහැරිලා...........

:       22       60

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27812 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18184 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10883 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 648 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 852 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site