IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුවට ජල බෝතල් ගෙන ඒම තහනම්


(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
 
 
පාර්ලිමේන්තුවට ජල බෝතල් රැගෙන ඒම අද(08) සිට තහනම් කර තිබේ.
 
ආරක්ෂක හේතු මත මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
 
පිටතින් පැමිණෙන අමුත්තන්ට මෙන්ම පාර්ලිමේන්තු සේවක සේවිකාවන්ටද මෙම තහනම එකසේ බලපැවැත්වෙන බව කියන එම නිලධාරියා පාර්ලිමේන්තුවේ සෑම ස්ථානයකම බීමට ජලය ඇති හෙයින් පිටතින් මෙලෙස ජලය ගෙන ඒමේ අවශ්‍යතාවයක් නොමැති බවද පැවසීය.
 
පාර්ලිමේන්තු සේවක සේවිකාවන් විසින් රැගෙන එන ලද ජල බෝතල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙනයාමට ආරක්ෂක අංශවලින් අද(08) අවසර නොලැබිණි.



අදහස් (10)

පාර්ලිමේන්තුවට ජල බෝතල් ගෙන ඒම තහනම්

ravi Friday, 08 February 2019 11:43 AM

කවුද දන්නේ මේ.. බෝතල්වල මොනවගේ ද්‍රව්‍ය පුරවාගෙන එනවද කියලා.. මේකත් ඉතින් සමනලකන්දේ වන්දනාවේ යනව වගේ වැඩක්නේ... සුදු ඇඳගෙන වතුර බෝතලයක් අතේ තියාගෙන හිටියට... බෝතලේ ඇතුලේ තිබුනේ " කසිප්පු " නේද?

:       310       42

RaveendraFriday, 08 February 2019 12:33 PM

ravi මයා වෙත, ඇරියොත් මූසල කටවල් අනිකා වැරදිය මම සුදනාය. අනිකා හොරාය.. මම හීනෙන්වත් හොරකම් නොකරමි. නමුත් සත්‍ය 225ම පාදඩයන්ය. තවද මිනිසුන්ගේ භාෂා ඥානයේ අඩුලුහුඬුකම් නිසා මෙම නිවටයින්ට "ගරු", එසේත් නැත්නම් " තුමා " යන වැදගත් වචන භාවිතා කිරීමත් බරපතල වරදකි. මේ සියල්ලෝම (225) ඔබේ, අපේ මුදල්වලින් සුර සැප විඳිමින් පිං ජීවිත ගත කරන පිං හාමිලාය.

:       36       51

Raveendra Friday, 08 February 2019 12:04 PM

මිනිසුන්ට ඇතිවෙන ගැටළුවක් තමයි ගවයන් කෙසේ වතුර බෝතල්වලින් වතුර බොන්නේද යනවග? ඔය මඩුව වටේට බාල්දි බේසම් වගේ දේවල් තිබුණාම හොඳයි නේද? එසේත් අවශ්‍යම නැත. මඩුව වටේට දියවන්නා ඔය තියෙන්නේ මඩවගුරේ ලැගලා ඉන්න ගවයින්ට අායේ අමුතුවෙන් බොන වතුර පිළිබඳව ප්‍රශ්නද?

:       0       50

smn Friday, 08 February 2019 02:40 PM

මේ තහනම් නීතිය කාලෝචිතයි. අපි දැක්කනේ, පහුගිය කාලයේ මේ හැත්ත පාර්ලිමේන්තුව ඇතුලේ නටපු නැටිල්ල... ඊළඟ සැරේ මේ 225ම ගෙදර යවන්න කටයුතු කරමු. පක්ෂ පාට නැතුව, පරණ හොරුත් නැතුව අළුත් කට්ටියක් පත් කර ගනිමු.

:       0       4

Sumith Friday, 08 February 2019 02:48 PM

ජනතාව දැන් ඕකට කියන්නේ කෝලම් මඩුව කියලා...

:       0       32

Hafeel Friday, 08 February 2019 03:09 PM

මිරිස් කෑමත් තහනම් කරන්න.

:       0       10

chandima Friday, 08 February 2019 07:01 PM

කුඩු ලොක්කෝ අල්ලලා නිසා ජනතා නියෝජිත උන්නාන්සේලා පරිස්සම් වෙන එක හොඳයි. උන්ගේ ගෝලයෝ වතුර වගේ දියර පුපුරන ද්‍රව්‍ය බෝතල්වල දමල එවල පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න උන්ගේ "පාට්නර් තුමාලා" ලව්වා වැඩක් දෙන්න බැරි නැහැ. එත් ඉතින් පොලිසිය අනිත් බැග් පරික්ෂා කලාට අය වැය රහස් ගෙනෙන බෑග් එක පරික්ෂා කරන්න බැහැ නේද?

:       0       29

sarath perth Saturday, 09 February 2019 02:49 AM

මමත් මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ මේ පින්ගුත්තරයෝ ටික 225 කවදා කෝලම් මඩුවෙන් ඉවතට විසිවෙයිද කියා. ලංකාවට යහපත් දිනයක් උදාවේවා !

:       9       55

Nandalal DE SILVA - France Saturday, 09 February 2019 06:02 PM

වතුර කියල මෙච්චර දවසක් මේ අය බෝතල් පුරෝගෙන ඇතුලට මොනොවා ගෙනාවද කියලා දන්නේ කවුද?

:       0       0

kumara Tuesday, 12 February 2019 10:00 PM

හොඳ වැඩේ. දැන් මිරිස් කුඩු පිඹින්න තමයි වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බසය පෙරැළි සිසුන් 35 ක් රෝහලේ
2024 පෙබරවාරි මස 29 34 0

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේදි පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි පොලීසිය කියයි.


මහා බැංකු ලොක්කෝ පක්ෂ නායකයන් ඉදිරියට
2024 පෙබරවාරි මස 29 391 0

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් හදිසියේම සිය වැටුප් සියයට 70 කින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් එහි ප්‍රධානීන් කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තු පක්ෂ නායක


රට රැකියා පෙන්වා මුදල් වංචා කළ යුවළක් දැලේ
2024 පෙබරවාරි මස 29 114 0

ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගු


ජම්පටා වීදියේ වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු මාට්ටු
2024 පෙබරවාරි මස 29 206 0

කොළඹ ජම්පටාවීදිය නිව්හම් චතුරස්‍රය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියේ පැදවූ පැදිකරු අත්අ


පළාත් කිහිපයකට අදත් වැසි
2024 පෙබරවාරි මස 29 65 0

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මෝටර් රථයක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට
2024 පෙබරවාරි මස 29 201 0

කුලී ගමනක් යන මුවාවෙන් මෝටර් රථයක් රැගෙන ගොස් රියදුරට මත්පානයක් ලබාදී මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් දෙදෙනෙකු ම


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 389 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 338 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site