(රංජිත් රාජපක්ෂ)
වැඩි කළ තිරිගු පිටි මිල කිසිසේත් අඩු නොකරන බව ප්‍රීමා සමාගම ලංකාවේ සියලුම තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත අද (11) දැනුම් දි ඇත.
ලෝක වෙළදපොළේ තිරිගු ඇට මිල ඉහළ යාමත්, ආනයනය කරන තිරිඟු ඇට සදහා රජය මගින් පනවා ඇති අධික බදු මුදල හමුවේ තිරිඟු පිටි මිල යළිත් රු 4 සිට රු 5.50 දක්වා විවිධ මිල ගණන් යටතේ වැඩි කිරීමට ප්‍රීමා සමාගම කටයුතු කළ බවට එම සමාගම විසින් තිරිගු පිටි අලෙවි කරන එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.
නව මිලට ප්‍රීමා සමාගම විසින් එම සමාගමේ තිරිඟු පිටි අලෙවි කරන සියලුම එජන්තවරුන්ට පිටි තොග නිකුත් කර ඇති බවත්, ඒ අනුව තිරිගු පිටි කිලෝවක් පැවති මිලට වඩා රු 4 සිට 5.50 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බව ප්‍රීමා තිරිගු පිටි අලෙවි එජන්තවරු පවසති.
නව මිල අනුව ප්‍රීමා තිරිගු පිටි කිලෝවක් රු 90 සිට රු 100 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙළදපොලේ අලෙවි කරනු ලබයි.
ප්‍රීමා තිරිගු පිටි මිල වැඩි විමත් සමග බේකරි හිමියන් ග්‍රැම් 450 ක පාන් ගොඩියක් සදහා වැඩි කල රු 2 මුදල සහ ඉහළ දැමු බේකරි නිෂ්පාදන වල මිල පිටි මිල අඩු කරන තෙක් අඩු නොකරන බව බේකරි හිමිවරු කියාසිටිති.
තිරිගු පිටි මිල ඉහළ යාමත් සමඟ ආපන ශාලා හිමියන්ද තිරිගු පිටි ආශ්‍රිත නිෂ්පාදන වල මිල ගණන්ද ඉහළ දමා ඇත.
COMMENTS
කොහොමද ඒකාධිකාරය ?
අඩු කරන්න එපා. එක එක්කෙනාට ඡන්දෙ ගන්න සමාගම් පාඩු විදින්නේ මොකටද ? ඡන්දෙට බලෙන් සල්ලි ගන්නවා වගේ වැඩක්.
නිවට බාබර් දැක්කම එළුවාත් නිකට පානවලු. කොන්ද පණ ඇති නායකයෙක් සහිත සවිමත් ආණ්ඩුවක් රටට ලබා ගැනීමට සැවොම එක් වෙමු.
මේ වගේ දේවල් වලට රජයක් විදියට තදින් ඉන්න ඕන. එහෙම නොවුනොත් මේ වගේ දේවල් වෙනවා. දැන්වත් සේරම හිතලා හරි තීරණයක් ගන්න වෙනවා.
නොදන්නා ප්‍රස්තා පිරුලු කියන්න ගිහින් වරිගේ නහ ගන්න එපා .
සමාගම් දෙකක් තිරිඟු අඹරනවා. තව අයවලුන් පිටි ගේන්න බෙදා හරිනවා. ඉල්ලුම සැපයුම අනුව මිල තීරණය වෙන්න දුන්නම හරි නේද?
තදින් හිටියේ නැත්නම් බංකොලොත් වෙලා සමාගම වහල දාන්න වෙයි.
තදින් හිටියේ නැත්නම් බංකොලොත් වෙලා සමාගම වහල දාන්නත් වෙයි.
අපි තුන්වේලම බත් කාපු මිනිස්සු..
ලෝක වෙළඳ පොලේ තිරිඟු පිටි කිලෝ එකක් රුපියල් හතලිහක් වෙනවා . (1 ton = 218 US $) . එතකොට 125 % - 200 % වැඩිවීමක් . ( 90-40 = rs 50) .
ලංකාවේ මිනිස්සු තුන්වේලම බත් කනවා. මොලේ නැත්තේ එ්කද? නමුත් බිස්කට්, කේක්, පැටිස්, සමෝසා, රොටි, බනිස්, රෝල්ස්, මේවා කන්න පොඩි දරුවන් මෙන්ම තරුණ මහලු සියල්ලන්ම කැමතියි. දේශපාලන බඩජහරියෝ, ඇම්බැට්ටයෝ අපිට අවශ්‍ය නැත. කළයුතු දේ, පාකිස්ථාන්, ඉරාන, ඇමරිකා, සෞදි වගේ රටවල පිටි තියනවා. මොවුන්ගේ එ්කාධිකාරය වසා දැමීමට පාන්පිටි (මයිදා) ගෙන්වීම ප්‍රශ්නයක් නම් වීට් 9 (ආටා) ගෙන්වන්න. එයින් සාදන රොටි ඉතා ගුණයි.. සීනි ලෙඩුන්ට කදිමයි, (තමිස්, කුමුස් ) අරාබි රටවල ඉන්දියා, බංගලාදේශ, ඉරාන, ඉන්දුනීසියා, සිංගප්පූර්, වගේම ප්‍රංශයේ, මැලේසියා මාලේ රටවල උදේ රාත්‍රී ප්‍රධානතම ආහාරයකි.
තව ටික දවසක් ඔහොම යමු... අහවල් කෙනා ජනාධිපති වුණොත් ඔය සෙල්ලම් බෑනේ. සුදුවෑන් තමයි.
රටක් යටත් විජිතයක් ලෙස පවත්වාගෙන යන්නේ කොහොමද? ඒ රටේ මූලික ආහාර වෙනස් කිරීමෙන්...
1970 - 77 සිරිමා සහ එන්.එම්. කාලේ කරාවගේ පාන් හෝ පාන්පිටි කෑම නැවැත්වීම හෝ අඩු කර, බත් සහ අනිකුත් දේ (අල - බතල වගේ) කන්න පුරුදුවුණා නම් හරි. ඒවා තම්බලා කඩවලා විකුණුවා නම් උදේට පාන් ගන්න කට්ටිය බතල, මයියොක්කා කාවි. ප්‍රායෝගික ක්‍රම සහ විධි බලලා කළොත් රටේ සෞඛ්‍යයත් ඉබේම හරියන්න ගනීවි.. පාන් පිටි ආහාරවලින් හැදෙන ලෙඩත් අඩුවෙන නිසා...
ජේ.ආර්. ජනාධිපතිවරයාගේ කාලයේ ප්‍රීමා පිටි කම්හල ආරම්භ කලේ අවුරුදු 20කින් අපේ රටට අයිතිවන ආකාරයටයි. නියමිත අවුරුදු 20ක කාලය අවසන් වනවිට පොදු පෙරමුණ බලයට ඇවිදිල්ලා. ඒ අය හොර රහසේම ප්‍රීමා කම්හල ඒ සමාගමටම ආපසු වික්කා කියා මහත් ආන්දෝලනයක් තිබුණා නේද?
ආණ්ඩුව නටන්නේ සමාගම් වල තාලෙට. ඡන්දෙට එන්නකෝ.
ඕකට හොඳම පිළියම කුබූස් රොටි...