
පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කෑම සුදුසු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පාර්ලිමේන්තුවට බඩ ඉරිඟු කිලෝ 10ක් පමණ රැගෙන ආ බව පාර්ලිමේන්තු ආරංචි පවසයි.
පාර්ලිමේන්තුවේ භෝජනාගාර බාරකරුවන් සහ කෝකිවරුන් විසින් එම බඩ ඉරිඟු බාරගෙන ඊයේ දිවා ආහාරය සඳහා පිස දී ඇති බවද වාර්තා වේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය සහ දේශීය ගොවියා නඟා සිටුවීම සඳහා තමන් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් ඒ අනුව පරිප්පු වෙනුවට බඩ ඉරිඟු ආහාරයට ගන්නා ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට හදන්න නම් මේ වගේ දේවල් වෙන්න ඕන.
නරකද චුයින්ගම් ගෙනාවානම්. මතකනේ සිරිමාවෝ මැතිනියට වෙච්චදේ 1977 දී.
පාන් නැත්නම් කේක් කාපන් කිව්ව කතාව මතක් වුනා.
නූතන දුටුගැමුණුලාට සහ වහල් අනුගාමිකයන්ට නම් බඩ ඉරිඟුත් හොඳ වැඩියි. පුන්නක්කු තමයි ගැලපෙන්නෙ. මේ වගේ විහිළු සපයලා දේශීයත්වය නංවන්න යන එක නම් හීනයක්. මිරිස්කුඩු ඇමතිගෙ සුදු හුණු ගාන්න ගෙනියන මැටි කැම්පේන් එක වගෙයි. වෙනස සනීපයි
සීනි නැතිව තේ බොන්නම්... මැතිණි කියනවා නම් අපි පරිප්පු නැතිව පාන් කන්නම්.. මතකද?
ඉන්දියාවේ කොරෝනා රෝගය පැතිරෙන විදියට තව අවුරුදු ගාණකට පරිප්පු කන්න වෙන්නේ නෑ වගේ. ඒ නිසා දැන්ම හුරුවෙන එක හොඳා...
පානුයි, බඩඉරිඟු හොඳයි.. කන්නේ කොහොමද?
එහෙනම් වැටකොලු වෙනුවට පතෝලත් හොඳ ඇති.
බඩ ඉරිඟු වගාවට අධික විෂ රසායනික යොදන බව කියැවෙනවා. ඒ ගැනත් අවධානය යොමුකරනවා නම් හොඳයි.
මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවට යවපු අයට කවන්න ඕනේ බඩඉරිඟු...
ළඟදීම කියන්න වෙයි 69 ලක්ෂයට බඩඉරිඟු සමග තණකොළත් කන්න කියලා...
අනේ මන්ත්‍රීතුමෝ! බඩ ඉරිඟු පරිප්පු වෙනුවට උයන හැටි අපිට කියලා දෙන්නකෝ. බත් වෙනුවට බඩඉරිඟු කන්න කිව්වනං ඒකෙ තේරුමක් තියනවා. මන්ත්‍රීතුමා, සූදුරු මහදුරු වගේද සැමන් ටිං?
කෝ දැන් අර පහුගිය කාලේ ක්‍රෝටන් කොළ කෑමට ගන්න පුලුවන් කියලා අදහසක් ප්‍රකාශ කරපු ගමන් ආණ්ඩු පෙරලන්න කතා කරපු කෑ ගහපු කමෙන්ට් දාපු එහෙයියන් ටික? පරිප්පු වෙනුවට බඩ ඉරිඟු කවන්න කලින් ඕවා වවන මිනිස්සුන්ට ඕන පහසුකම් ටික දෙන්නයි, වල්අලි කරදරේට විසඳුමකුයි දෙන්න විදියක් බලනවා නම් හොඳයි. මිනිස්සුන්ට ඔය වගේ බොළඳ උත්තර වලින් සැනසෙන්න නෙමෙයි ඕනෙ. කොහොමත් මේ වගේ පුස්චරිත වලින් මීට වැඩිය හරවත් දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.
අනේ මගේ කට... මේ මනුස්සයා කවද්ද බඩ ඉරිඟු කෑවේ?
බඩඉරිඟු, දියවැඩියාවටත් හුඟක් හොඳයිලු නේද?
මේ මුකුත් කරදරයක් නැහැනේ මුකුත් නොකාම හිටියා නම්...
මොලේ තරම තමයි.
"නලුවෙකුගෙන් රංගනයකට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?" කියා සිතුණි. සමහරවිට අවංක උත්සාහයක් වෙන්නත් පුලුවන්... ඒත් ඉරිඟු කියන්නෙත් ලෙඩ ගොඩක ආරම්භයක් බවයි මම අහලා තියෙන්නේ...
අලුත් මන්ත්‍රීවරයෙක් විදිහට ඉතාම හොඳ අදහසක්... අනුරාධපුරේ ගොවීන්ගෙන් කෙලින්ම පාර්ලිමේන්තුවට බඩ ඉරිඟු සපයන්න ස්ථිර කොන්ත්‍රාත්තුවක් ඉල්ලා ගන්න.
රජ කාලේනම්... මෙයාව ඔලුවෙන් හිටවලා...
මෙයාලට හරියන්නේ පුන්නක්කු තමයි.
කිරි වෙනුවට පුන්නක්කු දියකර බීමත් හොඳයි...
පුස්සෝ කරලියට ඇවිත් වැඩ්ඩෝ වගේ නිහීන රංගනයන් කරනවිට අපට නම් අර කොහෙන්ද මන්දා හිනාත් යනවා. තව ටික කාලෙකින් කියයි අර්තාපල් වෙනුවට නියඟලා අල කෑවොත් ගුණයි කියලා. මේ රටේ ඉන්න පොල් බුරුවන් නියඟලත් කයි රසකරලා..
ගිය සුමානේ කෙනෙක් ඇවිත් බිත්තරයට වැඩේ දීලා ගියා. දැන් තව එකෙක් ඇවිත් පරිප්පු ටිකට කෙළින්න හදනවා. හැබැයි අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා.
දියවන්නාවට බඩඉරිඟු උස්සන් ඇවිත් ඒවා කුස්සියට දුන්නා කිව්වට ඒවා කෑවේ කවුද කියා අපි දන්නවද? ඊළඟපාර එනකොට හොඳ තණකොළ ටිකක් අරගෙන ඇවිල්ලා ඔතන ඉන්න තඩි හරකුන්ට කවන්න බැරිද මන්ත්‍රීතුමෝ..? මේ අයට බොන් දෙන්න ලොකු පුන්නක්කු බාල්දි ටිකකුත් අරගෙන ඒමට අමතක කරන්න නම් එපා...
අනේ මන්දා මෙයා.. රංගන ශිල්පියෙක් හැටියට හොඳ පදනමක් හදාගෙන ආපු මනුස්සයෙක්.. නාගන්න නෑමක්. පරිප්පු වලට ආදේශකයක් හැටියට මුං ඇට ඉදිරිපත් කළා නම් ඉහළින්ම පිළිගන්න තිබුණා. පාන් එක්ක බඩඉරිඟු හොද්දක් කන්න කිව්වාම පෝෂණය සමබර වෙනවාද?
ඒක හොඳ අදහසක්.
අනේ ඉතිං මේ කමෙන්ට්ස් කියපුවාම වෙලාවකට දුකත් හිතෙනවා. පොඩ්ඩක් තේරුම් ගන්න මොහු කියනදේ.. මෙහෙම ඔහු කියන්නේ පරිප්පු කනඑක අඩු කරලා දේශීයව නිපදවන බඩඉරිඟු වගේ ගුණදායි ආහාර වැඩියෙන් කමු කියන එකයි. ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්.. දෙකයි පනහට දාලා මේ තරම් අපහාස කරන්න එපා. හැම රංගන ශිල්පියෙකු, ශිල්පිණියකම එකම මිම්මෙන් මනින්න එපා. කෙනෙක් කියලා තියෙනවා වගේ අර්තාපල් වෙනුවට නියඟලා අල කමු වගේ ගොංපාට් කතා කියන්න එපා.
පරිප්පු කන උදවියට පරිප්පු දෙන්න. බඩ ඉරිඟු කරන උදවියට බඩ ඉරිඟු දීලා බලන්න. එවිට බලාගන්න පුළුවන්.