
(***රංජන් කස්තුරි සහ ***ජේ.ඒ.එල්. ජයසිංහ)
පේරාදෙණිය විශ්‍වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ සිසුන්ගේ අධ්‍යයන පාඨමාලාව ඊයේ (16) සිට තාවකාලිකව නතර කළ බව එම විශ්‍වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පැවැසීය.
විශ්වවිද්‍යාලය තුළ නවකවදය ක්‍රියාත්මක වන බවට පාර්ශ්‍ව කිහිපයකින් ලැබුණු පැමිණිලි සලකා එම පියවර ගත් බව ද උපකුලපතිවරයා කීය.
ඉංජිනේරු පීඨයේ දෙවන වසර සිසුන් ඊයේ පස්වරුවේ සිට නේවාසිකාගාරවලින් ඉවත් කළ අතර ඔවුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් කලාපයක් බවට පත්කළ බව ද දිසානායක මහතා සඳහන් කළේය.
ඉංජිනේරු පීඨයේ නවක සිසුන් හා අනෙකුත් වසරවල සිසුන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ද උපකුලපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක වදය තවමත් සරසවි තුළ ක්‍රියාත්මක වන්නේ එයට නිසි දැඩිදඬුවමක් නොමැති බැවිනි. මේ වධකයින්ට දඬුවමක් ලෙස අවවාද කිරීම මදි... ඔවුන්ව සදාකාලිකව විශ්ව විද්‍යාලවලින් නෙරපා දැමිය යුතුයි. මේවට අනුබල දෙන දේශපාලන පක්ෂවලට නම් පහුගිය කාලේ අතුගෑවිලා ගියා...