(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානය ප‍්‍රතිසංස්කරණයෙන් පසු ලබන 21 වැනිදා යළි විවෘත කරන බව ඇන්තනී ජයකොඩි කොළඹ සහයක රදගුරුතුමෝ අද (17) පැවසූහ.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් එදින විශේෂ දේව මෙහෙයන් සිදුකරන බවත් රදගුරුතුමෝ සඳහන් කළහ.
බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී රදගුරුතුමෝ මේ බව පැවසූහ.
දේවස්ථානය යළි විවෘත කිරීමෙන් පසු ජනතාවට සහන සේවා ව්‍යාපෘති එදින සිට ආරම්භ කරන බවත් රදගුරුතුමෝ වැඩිදුරටත් සඳහන් කළහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප‍්‍රතිසංස්කරණයෙන් පසු කටුවාපිටිය දේවස්ථානය 21 වැනිදා විවෘත වෙයි
ශානක ප්‍රනාන්දු Thursday, 18 July 2019 02:47 AM
ගරු රදගුරුතුමනි, ඔය විවෘත කිරීමට සියලුම ආගමික නායකයින්ට ආරාධනා කරන්න. නමුත් කිසිම දේශපාලකයෙකුට ආරාධනා කරන්න නම් එපා. උන් තමයි අපේ පල්ලියේ විනාශය පිටුපස හිටියේ... වැරදිලාවත් දේශපාලකයෙක් පල්ලියට ආවොත් අනිවාර්යයෙන්ම ගහනවා. ගහ ගහා එලවනවා. දේශපාලකයන්ට මීගමුවට ඇතුළුවීම තහනම් රදගුරුතුමනි...
sudesh Thursday, 18 July 2019 06:00 AM
ශානක, අපි සූදානම් වෙලා නෙලමු මොවුන්ට. මීගමුවෙන් ශ්‍රී ලාංකිකයින්ට අමතක නොවන ආදර්ශයක් දෙමු. ඩෙන්සිල් ප්‍රනාන්දු මහත්මයාගෙන් පස්සේ මීගමුවට ආපු, ගිය හැම දේශපාලකයෙක්ම හොරෙක්, කුඩු මුදලාලියෙක්, මංකොල්ල කාරයෙක් වගේ... ඔබ හරි. මමත් කියනවා මී ගමුව නිල්, කොළ, පොහොට්ටු , රතු.. දේශපාලකයන්ට තහනම්. කටුවපිටියට ආවොත් ගල් ගහලා එලවනවා.
HafeelThursday, 18 July 2019 07:00 AM
විශේෂයෙන්ම ජෝන් බාසුත්, අර කුඩු මන්ත්‍රීත් එන්න පුළුවන් මාධ්‍ය හරහා ලකුණු දාගන්න...
AnuraThursday, 18 July 2019 08:24 AM
සහතික ඇත්ත. ජෝන් බාස් දාගන්න නොඑන තැනක් නැහැ. දැන්ම ඉඳන්ම එකතු වෙමු. අනිවාර්යයෙන් එන්න දෙන්න එපා... කිසිඳු දේශපාලකයෙකුට හා ඔවුන්ගේ පවුලේ අයට... මේක නියම උපක්‍රමයක්... දේශපාලකයෝ සහ පවුල්වල අය කොන් කරමු. වහාම සංවිධානය වෙමු.
chathuriThursday, 18 July 2019 08:37 AM
දතා නම් ආයේ මීගමු එන්නේ නැහැ... අනේ අපිට උෟව අල්ලගන්න බැරි වුණානේ. මිනිහා මිනී කාමරයේලු හැංගිලා හිටියේ... ඊට පස්සෙලු ද සිල්වා මාවත හරහා ගිය ටැක්සියක දමලාලු බේරලා ඇරියේ....
isurandi Thursday, 18 July 2019 05:28 AM
ආගමික නායකයන් හැර මෙදිනට කිසිම දේශපාලකයෙකුකට ඇරයුම් නොකරනවා නම් මැනවි...! එහෙම සිදුවුවහොත් මළවුන්ගේ ශාපය ඔබ සියලුම දෙනාටම අත්විඳීමට සිදුවේවි...!!!
ජේ.අමරතුංග.Saturday, 20 July 2019 06:16 AM
එහෙම කොහොමද? මට ඉහලින් යන්න කිසිම ක්‍රිස්තියානි කාරයෙකුට බැහැ. මමයි තීරණය කරන්නේ පල්ලි අරිනවාද වහනවාද කියලා...
theresa katuvapitiya Thursday, 18 July 2019 06:42 AM
ඉහත ඇති අදහස් අගෙයි. මුළු කටුවපිටියෙම ජනතාව ස්වාමිට කියන්න ඕනෑ දේශපාලකයින් මේ විවෘත කිරීමට ගෙන්නන්න එපා කියලා...
sandu Thursday, 18 July 2019 08:35 AM
මේවටත් ඩිස්ලයික් දමන දේවස්ථානයේ බෝම්බ පිපිරීම අනුමත කරන මිනීමරුවන් ඉන්නවනේ...
රානි ප්‍රනාන්දු Friday, 19 July 2019 05:55 AM
කටුවපිටිය පල්ලියේ පිය තුමනි, මේ ඔබතුමා දැනුවත් කිරීමයි. 21 දාට දේශපාලකයින්ට අපේ පල්ලියේ උත්සවයට පැමිණීමෙන් වලකින්න කියා ඔවුන්ට දන්වන්න. අනිවාර්යෙන්ම එදාට දේශපාලකයින් පැමිණියහොත් ප්‍රශ්න වැලක් ඇතිවේවි.