මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීමක් බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම ව්‍යවස්ථානුකූල නොවන බැවින් එය නීත්‍යනුකූල නොවන බව ද ඔහු පවසයි.
‘මෙය අපි දිගින් දිගටම සටන් වැදුණු ප්‍රජාතන්ත්‍රවාදයේ කඩා වැටීමක්.‘ යැයි ද ඔහු සඳහන් කරයි.

COMMENTS
හිත මිත්‍ර සමනල සන්ධානය ළංකරගෙන රෝයල් තෝමියන් මානසිකත්වයෙන් වැඩ කරපු නිසාත් හොරුන්ට දඬුවම් දෙනවා කියල බලය ලබාගෙන හොරු ආරක්ෂා කරපු නිසා නේද මේ සන්තෑසිය වුනේ? දැන් කතා කරලා ඵලක් නැහැ ලැබෙන්න නියමිත දඬුවම් විඳින්න සුදානම් වෙන්න. අරයා ඔය අත ගගා ඉන්න කෙනෙක් නම් නෙවේ ඔන්න.
ජනතා මතයට මෛත්‍රී අවස්ථාව දුන්නා. ජයවේවා!!!
බැඳුම්කර වංචාව තරම් ප්‍රජාතන්ත්‍රවාදී නැත. එකඟයි.
හිටපු ඇමැතිතුමනි,.. 2015 ජනවාරි 8 වෙනිදා දී.මු. ජයරත්න යවලා පාරලිමේන්තුවේ ආසන 44ක් තිබුණු රනිල්ට අගමැතිකම දීපු එක ප්‍රජාතන්ත්‍රවාදයේ කඩාවැටීමක් නෙමෙයිද?
ඔබතුමාලගේ නොහැකියාව බොහෝ තැන්වලදී මෙන්ම මෙහිදීත් පෙන්වා ඇත. මට කීමට ඇත්තේ එපමණකි.
ගොන් කතා නොකියා ඉන්න...
හොරුන්ට දඬුවම් නොකිරීමේ අවසානය... මම නම් දකින්නේ රජය පෙරලුවේ නාමල් කුමාර කියා. රනිල් එහෙම දෙයක් ප්ලෑන් කරලා නම් හිරේට දාන්න ඕනෑ. ඒ වගේම පරණ ඇත්තම හොරුන්ට දඬුවම් දෙන්න දාපු නඩු දිගටම ගෙනියන්න ඕනෑ. එජාප හොරුන්ටත් දඬුවම් දෙන්න ඕනෑ. මෙයාලත් අත ගගා උන්නොත්, පරණ සෙල්ලම පටන් ගත්තොත් මෙයාලත් ඉවරයි...
මම නම් කියන්නෙ අපේ රටට ඡන්ද තියෙන එකෙන් පලක් නැහැ කියලයි. මොකද හෙනගෙඩි පාත්වෙනවා වගේ මෙහෙම දේවල් සිදුවෙද්දී
"..සමනල සිහිනය බොඳවෙලා.."
පොලිසිය අරන් මොන හොරුන්ද ඇල්ලුවේ? මහින්දට යටින් වැඩ කරලා දැන් එනවා ගොන් කතා කියන්න. මාතර මෙයාගේ ලේකම් කෙනෙකුත් ඉන්නවා මහින්දගේ හිටපු කාර්ය ප්‍රධානිගේ නෑදෑයෙක්. මෙයාලා වගේ අය නිසා තමයි මෙහෙම වුනේ...
ඔය කවුරු බලයට ආවත් රටේ මිනිස්සු හැමදාම වලපල්ලේ !!!
රණ විරුවන් සහ රට පාවලා දීල, මුදල් ඇමති වෙලා රට බංකොලොත් කරන එකද ප්‍රජාතන්ත්‍රවාදේ. මොලේ නැති කෙනෙක් මුදල් ඇමති වුණාම රටවල් බංකොලොත් වෙනවා.
මටයි, රටටයි තිබිච්ච ශ්‍රේෂ්ඨ පක්ෂය තමයි එජාපය... ඒ පක්ෂය කෑවේ මේ අයයි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. නායතයගෙන් අහන්න විලිලැජ්ජාව කියලා එකක් තියනවද කියලා...
අනේ යන්න... ඔයා දන්න ප්‍රජාතන්ත්‍රවාදය..
ජරා ජීර්ණ දේශපාලනයේ සංකේතයක් බවට අපේ රට පත් වුණා. මීට පස්සේ ඡන්දයක් තිබීම පලක් නැහැ. චන්ද්‍රිකාත් කලේ ඕකමයි. විධායකයේ මේ බලය ප්‍රජාතන්ත්‍රය අභිභවා යන්නකි. අනාගතේදී යහපත් ප්‍රතිපත්තියකින් යුතු අගමැතිවරයෙක් පත්වී ජනාධිපතිවරයාට නොගැලපුණු විට මෙය යළිත් සිදුවිය හැක.
කඩා වැටෙන්න ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණාද මේ රටේ?
එදා දීමු ඉවත් කරලා රනිල් පත් කළ එක ප්‍රජාතන්ත්‍රවාදී නම්, නීත්‍යානුකූල නම් අද රනිල් ඉවත් කරලා මහින්ද පත් කළ එක ප්‍රජාතන්ත්‍රවාදීයි, නීත්‍යානුකූලයි.
ඒත් හොඳයි... දැන් රටේ හොඳ අගමැතිවරයෙක් ඉන්නවා.